මහින්දගේ ආරක්ෂාවට උගන්ඩාවෙන් 10ක්?


පසුගියදා උගන්ඩාවේ ජනාධිපති මුසවේනිගේ ආරාධනයෙන් උගන්ඩාව බලා ගිය මහින්ද රාජපක්ෂ මහතාට අපූර්ව අත්දැකීමකට මුහුණ දීමට සිදුව තිබේ.

උගන්ඩාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට හෝටලය කරා මහින්ද රාජපක්ෂ මහතාව රැගෙන ගිය VIP රථයේ ඔහු සමග ලොහාන් රත්වත්තේ ද ගමන් කර තිබේ. වේගයෙන් ධාවනය වූ රථය ඉදිරියෙන් අපරික්ෂාකාරී ලෙස පාර මාරු වූ තැනැත්තෙක් රථයේ ගැටී ඇත.

සිද්ධිය දුටු මහින්ද රාජපක්ෂට හීන්දාඩිය දමා තිබේ. ඔහු මරහඬ තලමින් සිංහලෙන් කෑගසා ඇත්තේ 'යකෝ මිනිහෙක් හැප්පුනා.... නවත්තපිය වාහනේ' කියාය. නමුත් රියදුරුතැන හා ආරක්ෂකයා කිසිවක් සිදු නොවූ ආකාරයට පෙර පරිදිම රථය ධාවනය කොට ඇත. ලොහාන් රියදුරාට ඉංග්‍රීසියෙන් පවසා ඇත්තේ වහාම රථය නතර කොට රථයේ ගැටුණු තැනැත්තා පිළිබඳව සොයා බලන ලෙසයි. එවිට රියදුරු හා ආරක්ෂකයා සිනහවෙමින් පවසා ඇත්තේ 'VIP වාහනවල මිනිස්සු හැප්පුනාට මේ රටේ ගණන් ගන්නෙ නෑ. VIPලට විරුද්ධව මේ රටේ ඇක්ෂන් ගන්න බෑ' යනුවෙනි.

එසේ පවසා විනාඩි කිහිපයක් ගතවීමට ප්‍රථම තවත් මිනිසෙකු රථයේ ගැටී තිබේ. ඊට කිසිවක් නොපැවසූ මහින්ද හා ලොහාන් දෙමස්සිනාලා ඔවුනොවුන්ගේ මූණු බලාගෙන ඇත. පසුව හෝටලය කරා පැමිණ රථයෙන් බැස ඇති මහින්දට, ලොහාන් පවසා ඇත්තේ 'මොනව උනත්, මරු රට සර්' කියාය. ඊට මහින්ද කිසිවක් පවසා නැත.

උගන්ඩාවේ සිට පෙරළා පැමිණෙන දිනයේ මහින්ද රාජපක්ෂ වෙත පැමිණ ඇති ලොහාන් රත්වත්තේ, 

'සර්, සර්ට දැන් හමුදාවෙ ආරක්ෂාවත් නැති නිසා මම මේ සෙකියුරිටි එකේ 10 දෙනෙකුට කතාකළා සර්ගෙ ආරක්ෂාවට ලංකාවට යන්න. ඒ අයත් වැඩේට කැමතියි. සර් මොකද කියන්නෙ ?' යනුවෙන් විමසූ පැනයට මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ 'මේ කෙලවෙලා තියන හරිය හොඳටම ඇති. මට මුන් 10 දෙනත් අරන් ගිහිල්ලා තව ලෙඩ දාගන්න බෑ. මුන් ලංකාවට ගිහිල්ලත් උගන්ඩාවෙ වගේම හැසිරෙයි. මට හැමදාම වොයිස් කට් දිදී වැලිකඩ බඩගාන්න වෙයි. ආයිත් අපි දිනලා VIPලට ඇක්ෂන් ගන්න බැරිවෙච්ච කාලෙක මුන්ව ගෙන්නගමු.' කියාය.

-LNW

Share on Google Plus

0 comments:

Post a Comment