මෙන්න ඇමති කිරිඇල්ල නැහැයි කිවූ නම් පත්වීම් ලේඛනවල (VIDEO)


උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා තමන්ගේ මාධ්‍යලේකම්ගේ පවුලේ අයට මහාමාර්ග අමාත්‍යංශයේ උපදේශක තනතුරැ 03ක් ලබාදී ඇතිබවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (21) දිනද පාර්ලිමේන්තුවේදී ප්‍රකාෂ කළ නමුත් එවැනි කිසිඳු පත්වීමක් හෝ නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශකළ ආකාරයේ බෞද්ධ හිමිනමකට පත්වීමක් හෝ ලබා දී නැති බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මාධ්‍යලේකම් ලෙස කටයුතු කරන සිරිල් සමරසූරිය මහතාගේ සහෝදරයා, සහෝදරිය සහ පියාට මෙම පත්වීම් ලබාදී ඇතිබවට වූ ලේඛනය මේ වනවිට අප වෙත ලැබී තිබේ.

ඔවුන් සියළුදෙනාම පදිංචිව ඇත්තේද එකම නිවසේ බවට එම ලේඛනය අනුව තහවුරැ වේ.

ඔවුනගේ නම් පිලිවලින් සාවින්ද සමරසූරිය, කේ.ජි. ආත්මා මධුවන්ති පීරිස්, සිරිල් සමරසූරිය වන අතර ඔවුන් තිදෙනාගේම ලිපිනය වන්නේ අංක 106, අරැප්පල වත්ත, මහනුවර ලෙසට සදහන්ව ඇත.

මාධ්‍යලේකම්ගේ වැටුපට අමතරව මෙම එක් අයකුට රැපියල් 65000/-බැගින් මෙම පවුලේ තිදෙනා සදහා රැපියල් 195000ක විශාල මුදලක් ගෙවනබවට කරැනු අනාවරනය වී තිබේ.

එමෙන්ම කිරිඇල්ල අමාත්‍යවරයා පත්වීම් ලබා දී නැතැයි පවසන වට්ටප්පල සීවලී හිමියන්ටද පත්වීම් ලැබී ඇති බව අදාළ ලේඛනයෙන් අනාවරණය වේ. 

මේ අනුව ලක්ෂන් කිරිඇල්ල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවත් රටේ ජනතාවත් නොමග යවා ඇත.





Share on Google Plus