බැසිල්ගේ රැස්වීමට විරෝධයක් (VIDEO)


ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිළිවෙලට එරෙහි බලවේගයක් රටට අවශ්‍ය බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ බණ්ඩාරවෙල ඊයේ (03) පැවති රැස්වීමක් අමතමිනි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ක්‍රමක්‍රමයෙන් විනාශ වෙමින් පවතින බව බැසිල් රාජපක්ෂ මහතා පැවසී ය.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂය බදුල්ල - වැලිමඩ ප්‍රදේශයේ පෙරේදා සංවිධාන කර තිබූ ජන හමුවේදී ඊට එක්ව සිටි පාක්ෂිකයෙකු මන්ත්‍රීවරුන්ගේ කතා වලට බාධා කරනු දක්නට ලැබිණි. 

බදුල්ල දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එස්.ඒ.ආර්. මද්දුමබණ්ඩාර මහතා සිහි නොකළ බව පවසමින් මෙම පුද්ගලයා විරෝධය පළ කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න



Share on Google Plus