අත්අඩංගුවට ගත් හොරමුල්ගුරා මුදාහැරලා (Update)


දුෂණ චෝදනා එල්ලවී ඇති කොළඹ නාලන්ද විද්‍යාලයේ විදුහල්පති වසන්ත රංජිත් ජයසුන්දර මහතා බොරැල්ල පොලිසිය මඟින් අත්ඩංගුවට ගැනීමෙන් අනතුරුව මුදාහැර ඇතැයි වාර්තා වේ.

බොරැල්ල ප්‍රදේශයේ දේශපාලඥයකු විසින් සිදුකරන ලද බලපෑම් මත මෙසේ විදුහල්පතිවරයා මුදාහැරීමට කටයුතුකර ඇතැයි වාර්තා වේ.

.................................................................................................................................................................................................................................

නාලන්ද හොර මුල් ගුරා අත්අඩංගුවට

කොළඹ නාලන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාවන වසන්ත රංජිත් ජයසුන්දර මහතා මේ වන විට බොරැල්ල පොලිසිය මඟින් අත්ඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ පසුගියදා එම විද්‍යාලයේම ගුරුවර‍ය‍ෙකු වූ සුසන්ත හේරත් මහතාට පාසලේ සිසුන් පිරිසක් ලවා සැලසුම් සහගතව පහරදීමක් සිදුකිරීම හේතුවෙන් ඔහුව මෙසේ අත්ඩංගුවට ගෙන ඇත.

මෙම විදුහල්පතිවරයාට විරුද්ධව අල්ලස් හා දුෂණ ‍කොමිසමට පැමිණිලි සිදු කිරීම මෙම ගැටුමට මුලිකවී ඇත.

එසේම අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට නොගන්නා ලෙස බොරැල්ල ප්‍රදේශයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිය දේශපාලඥයකු විසින් බලපෑම්කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බ්න්ධයෙන් විමසිම් සිදුකිරීම සඳහා බොරැල්ල ස්ථානාධිපතිවරයා හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සම්බන්ධ කර ගැනීමට අප දැරූ උත්සාහය ව්‍යර්ත විය.

ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවන පරිදි පහරකෑමට ලක්ව ඇති ගුරුවරයාගේ වැඩ තහනම් කර ඇති අතර, ඔහුගේ වැඩ තහනම් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ හේමන්ත ප්‍රේමතිලක මහතාගේ මැදිහත්වීමෙන් බව පැවසේන අතර ප්‍රේමතිලක මහතා හා පහරදීමට අනුබල දුන් නාලන්දා විදුහල්පති ගජ මිතුරන් බවද වාර්තා වේ.

පහරකෑමට ලක්වූ ගුරුවරයාට CT ස්කෑන් එකක් කළයුතුව ඇති බවත්, එය සිදු නොකර ඔහුව රෝහලින් බැහැර කිරීමට නාලන්දවේ අධ්‍යාපනයලත් වෛද්‍යවරුන් පිරිසක් උත්සාහ දරමින් සිටින බවද මේ අතර වාර්තා වේ.

සුසන්ත මහතාට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සිසුවා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවූ අයෙක් බවටද මේ අතර රාවයක් පැතිර ගොස් තිබේ.

Share on Google Plus