එජාපයේ හා රනිල්ගේ අවසානය...!


රනිල් හා එජාපයේ මෙවර පාර්ලිමේන්තුවට තේරි පත්වූ 106 දෙනා තේරුම් ගත යුතු එහෙත් තේරුම් නොගන්න බොහෝ දේ, ඔවුනට අද අමතකව ඇත්තේය. ඒකට හේතුව නම් බොහෝම පැහැදිලිය. ඒ 106 ක් උන්නද, එයාලා බලයේ ඉන්න එකය. බලේ තියෙන කොට මොළේ නැතිය. මොළේ තියෙන කොට බලේ නැතිය. ඒ අපි දන්න කතාවය. හැබයි ඒ කතාවත් රනිල්ට හා එජාපයට වලංගු නැතිය. ඒ කියන්නේ බලේ නැති කාළේත් මොළේ තිබිලා නැතිය.

බල්ලනකෝ අනේ..., මහින්ද මෙච්චර ණය වෙලාය අච්චර ණය වෙලාය...., ගත්ත ගානවත් අදටත් හොයා ගන්න බෑ අනේ... කියන්නේ ඇමරිකන් බයිලාය. ඕකට කියන්නේ බැරි බැරියාව හෙවත් නොහැකියාව කියලාය. මහින්ද හා එයාගේ වැඩ කාරයෝ IMF එකටත් හොයාගන්න බැරි වෙන්න ණය අරගෙන තියෙනවා නම්, ඒක මාර ගේමක්ය. අනික වැඩි පුර හොයාගෙන ඇති බිලියන ගාන පැත්තක තිබ්බද, කවුරුත් දැන ගෙන උන් ණය ප්‍රමාණයත් එක්ක සෙල්ලම දාන්නේ කෙසේද කියන එකටවත්, කිසිම ප්ලෑනක් තිබිලා නැතිය.

එයටත් හේතුවක් තියෙනවාය. රනිල්වත්, එජාපයවත්, බලය ලබා ගැනීමට හීනෙන්වත් හිතලා තිබුනේ නැතිය. මහින්ද මහත්තයා ඡන්දයකට යන්නේත් ඒ හේතුව උඩමය. නමුත්, මහින්දට කෙල උනේ රනිල් හන්දා නොව, සෝභිත හාන්දුරුවෝ හන්දාය. රනිල්ටත්, විපක්ෂේ උන්ටත්, ආන්ඩුවේ උන්ටම වාගේ සලකපු නිසා, මහින්ද මහත්තයා එක්ක එයාලාට අවුලක් තිබුනේ නැතිය. (අද සිරිසේන බලාපොරොත්තු වන්නේත් එයය.) එජාපයට නොව, ජෙප්පන්ට උනත් මහින්ද මහත්තයා සැලකුවේ එහෙමය.

ඕනෑම දෙයක් මහින්ද මහත්තයාට කියූ සැනින්, ආන්ඩුවේ උන්ගේ දෙයකටත් වඩා ඒ වැඩේ කරලා දුන්නා පමණක් නොව, ඒ ගැන පසු විපරමකුත් කලේය. මෙන්න මේ හේතු නිසා, ආන්ඩුවට විරුද්ධව මක්කත් කොරන්න බෑ කියලා ඒ කාළේ සරත් ෆොන්සේකාත් වරෙක ප්‍රසිද්ධියේම කිව්වේය. ඇත්තටම සරත් ෆොන්සේකා හතර ගාතෙන්ම ඇදගෙන ගොස් පරිප්පුවේ හොඳම එකෙන් දුන්නත්, එයා එක්ක මහින්දට කෙලින්න ගිය රනිල්ටවත්, සෝමවංශලාටවත් කිසිම දෙයක් උනේ නැතිය.

ඒත්, ජනතාව වෙනුවෙන් පෙරමුණ ගත්තේ සෝභිත හාන්දුරුවෝය. මහින්දට විරුද්ධව ගේමට එන්න උන්නේත් උන් වහන්සේය. ඒත් ඒකට විරුද්ධව හඬක් එනකොට, පොද්දා හොයන්න පටන් ගත්තේය. රනිල් හා අලි පාටියේ ඉන්නා උන් මතක තබා ගත යුතු එහෙත් අමතකව ඇති පාඩම් පටන් ගන්නේ එතැන් පටන්ය. 


  • ඔවුන් අමතක නොකල යුතු ප්‍රධාණ කාරනය නම්, පොද්දා ලෙස කරලියට එන පුද්ගලයා, එසේ පැමිනීමට පෙර දිනයේත්, තම නායකයා හා එකට ආප්ප කාපු පොරක් කියනා එකය. (අවුරුදු ගනනක් එකට සිටිමින්, යුධ ජයග්‍රහණයෙන් පසු, සිංහාසනාරුඨ කරවා, ඔටුණු පලන්දා ප්‍රශ්ස්ථි ගී ගයා රජෙක් බවට පත් කෙරුවේ වෙන කවුරුවත් නොව, මේ උන්නැහේමය. "ඔබතුමා අපට නම් රජෙක්..." කිව්වේ, විමල් වීරවංශවත්, ගම්මන්පිලවත්, ඩලස්වත් නොව, මේ උන්නැහේමය.
  • අනෙක් කරුන නම්, පොරොන්දු වූ පරිදි, ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දමා, විධායකය මහින්දටත් වඩා අපචාරයේ යෙදවීමයි. එනම් සුළුතරයක් වූ එජාපයේ නායකයා හෙවත් රනිල්, අගමැති කිරීමයි. එපමනක් නොව, විපක්ෂ නායකයාත් තමන්ම පත් කිරීමයි. එමෙන්ම අගවිනිසුරුවරයා ගෙදර යැවීමත්, ශිරාණි බන්ඩාරනායක ගෙදර යැවීමටත් වඩා අජූව ක්‍රියාවක් වීමයි.
  • එමෙන්ම එජාපයාට අමතකව ඇති අනෙක් කරුන නම්, 2004 සිඳු වීමයි. අමාත්තියන්ස තුනක් පවරා ගැනීමෙන් ආරම්බ කල වැඩ සටහන අවසාන වූයේ, නැට්ට පුකේ ගහගෙන ආයෙත් ගෙදර යන්න වීමෙන් වීමයි . මේ කන්නට යන්නේ සාර්ථක දෙවන වරයි.

මේ ප්‍රධාන කරුණු සියල්ලම, "නැවත සිඳුවිය නොහැකියයි," කිසිවකුටත් තර්ක කල නොහැකිමය. එනම්,


  • අවුරුදු ගනනක් එකට සිට, රජා ලෙස නම් කල පුද්ගලයාටත් ද්‍රෝහී උන කෙනාට, ජනපති උනත් එයාට කතා කරන්නේ සෑර් කියන පුද්ගලයාට කොකා පෙන්නීම. මේකට අපේ ගම්වල උන් කියන්නේ මහාමේරුව ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක්ද බං කියාය.
  • එදා එජාපයට තිබුනාටත් වඩා ආසන ගනනක් හිමිව ඇති, මහින්ද මහතා අගමැති ලෙස නම් කොට, එජාපයේ කීප දෙන්ක් මුදලට ගෙන ශ්‍රී ලංකා ආන්ඩුවක් පිහිටවීම. (අනාගතයේ මහින්දගෙන බේරීමට ඇති එකම හා හොඳම ක්‍රමය.)
  • අනික නම්, 2004 ජනතාවට තිත්ත බේත් දෙන්න ගොස්, පාලනේ විධායකේට දී, පාචනේ හදාගෙන 2015 වෙනකන් කාපු කට්ට මෙවරත් අඩු නැතිව කෑම සඳහා, සුදුසු පරිසරය ඉතා ඉහලින්ම සකස් කරමින් සිටිනා නිසා, ජනතාව අතර, මහින්දලාටත් වඩා අප්පිරිය වී තිබීම. (ජනතාව අතර රනිල් හා එජාපය ජනතා ද්‍රෝහීන් වී ඇති අතර, ජනධිපති තුමා ජනතාවාදී නායකයකු බවට පත්ව ඇත. එහෙත් මහින්දගේ ජනප්‍රියත්වයේ අසලකින් වත් තැබිය නොහැක.)

අද එජාපයට ගහන්නේ, මහින්ද ප්‍රමුඛ, හෙවනැලි ඇද, එකාබද්දේ උන් ඉතරක් නෙමේය. හයිබ්‍රිඩ් ආන්ඩුව ඇතුලේ ඉන්න උන්, ඔක්කෝම කුණු හලන්නේ එජාපයටමය. උන්ට ඕන වෙලා තියෙන්නේ, උන්ගේ හොරු අල්ලනවාට වඩා අර්ජුන මහේන්ද්‍රන් ගෙදර යවන එකය. කුමාරයා එක්ක කොච්චි පැද පැද මහා භාන්ඩාගාරෙට කෙලපු එකාට වඩා, අර්ජුන මහේන්ද්‍රන්ගේ ගේම් උන්ට පේන්නේ ඒ නිසාය. සැප කාර් ගන්න එක නැවත්තුවාට, කාර් ගන්න එකය. මේ කාර් ඉල්ලීමෙන් වැඩ දෙකක් වෙනවාය. එකක් උන්ට සැප කාර් ලැබීමය. අනෙක සැප කාර් ලබා දෙන එජාපය කිච වීමය.

ආන්ඩුවේම ඉඳන් ආන්ඩුව ගෙනියන්න ගහන වැට් එක ගහන එක වැරදියි කියනවාය. වැට් ගහන එක අසාධාරණයි කියනවාය. වැට් ගහන්නේ, වැට් මෑන් ප්‍රමුඛ, එජාපයේ ධනපතියන්ය. (එකවත් හරියට ගහන්න 2/2 = 0 කියනා විමල්ට ඇති තරමේ මොලයක්වත්, චාටර් එකවුන්ටන්ලාට, ආර්ථික උස්තාද්ලාට නැතිය. මේ කන්නේ තාමත් තනතුරු වල ඉන්නා මහින්දගේ නිළධාරින් දෙන ලණුය.) දැන් ජනතාවට ඉතරක් නොව FCID එකටත්, ආන්ඩුවේ ඉන්නා කම්බා හොරුන්ගේ හොරකම් ගැන අමතකය.

එජාපයෙන්ම හැදුන කඩ කාරයෝ අද එජාපය එක්ක නයි වෛරය. එජාපයෙන්ම බිහි උන බස් කාරයෝ, අද එජාපය එක්ක නයි වෛරය. මහින්දගේ මර උගුලක් වන් සයිටම් කඩේ නිසා මල පැනලා ඇත්තේ මහින්දලා හා ඩිෆෙන්ස් ඇකඩමියේ MBBS දෙන ඝෝඨා එක්ක නොව, රනිල්ලා එක්කය. (සයිටම් එකේ මෙන් නොව MBBS සෙට් දෙකක්ම, කිසි අවුලක් නැතිව එලියේය.) ඒ හේතුවෙන් එජාපේ එක්ක දොස්තරලාත් මලය. ඒ ඉතරක් නොව ලෙඩ්ඩුත් මලය. ලැට් ගිහින් අමාරුවෙන් එකතු කර ගන්නා තමන්ගේම ගූ හුලිජ්ජා හෙවත්, මුත්තරා හා මළ චැක් කෙරිල්ලටත් වැට් ගහලා නිසාය. වෘත්තිය සමිති කාර්යෝත් මලය. සිස්සයෝත් මලය, ජනතාවත් මලය. කොටින්ම අලි පාටියේ උන් ඉන්නේත් මලෙන්ය.

දැන්, එජාපයේ රනිල්ගේ පටන් එජාප මැති ඇමතිවරු සියල්ල අමු ද්‍රෝහියෝය. රට විකුණනා උන්ය. රට බෙදන උන්ය. බටහිටර ගැති උන්ය. ඒත් සිරිසේන ප්‍රමුඛ ආන්ඩුවේ මැති ඇමති කම් ගත් කම්බා හොරු, ජනතා වීරයෝය. එයාලා හැමදාම ඉන්නේ ජනතාවත් එක්කය. එයාලාගේ එකම ප්ලෑන් එක, ප්‍රාදෙශීය සභා දිනා ගැනීමය. ඒ සඳහා මහින්ද මහත්තයා තරහා නොකර තබා ගැනීමය. මහින්දත් එක්ක එකතු වෙලා, එජාපයේ ධනවාදී, ජනතාද්‍රෝහී, බටහිර ගැති එජාපයේ උන්ට කෙලවීමය. එහෙම කෙලෙවල. ආයෙත් පරණ යාළුවෝ සෙට් එකත් එක්ක සෙට් වෙලා නවත්තපු තැන ඉඳන් එරියස් එක්කම කාගෙන කාගෙන යන එකය.

ඒ වගේම ආන්ඩුවේ ළොකු අරගලයක් තියෙනවා කියන එකත් බොරු නෙමේය. සීන් එක පටන් ගන්නේ අර්ජුණ මහෙනද්‍රන්ගේ කේස් එකෙන්ය. ඒක කෙලින්ම රනිල්ට ගහපු, තද බල කනේ පහරක්ය. රනිල් එතනදි පරාදය. දැන් කේස් එක යන්නේ මංගල සමරවීර එක්කය. ජනාධිපති තුමා දිවයින ඉරිදා පත්තරේට ගහන්නේ බොරුවටය. ඒවා එයාලාගේම වැඩය. පත්තරේ කත්තුරු මහත්තයා එයාගේ උපදේශකයෙක්ය. මේවාට කියන්නේ ඩර්ටි පොලිටික්ස් කියාය. ඒවා මේ රටට අළුත් දේවල් නෙමේය. 

දැන් හයිබ්‍රිඩ් ආන්ඩුවේ කචල් එලිපිටම පේනවාය. ඉස්සර ඩිලාන් ඉතරක් දාලා ගහපු කනේ පාරවල් දැන් හැම එකාම ගහනවාය. දැන් මන්ඩලේ පුල් කචල්ය. රාජිතලා ජාතික නාලිකාවේ ශාන් විජේතුංගලා එක්ක සාකඡ්චා තියා, "නෑ අනේ එහෙම එකක් නෑ..." කියන්නේ. එහෙම එකක් තියෙනා නිසාය. ඇමරිකාවේ නිශා බිස්වාල් ලා හදිසියේ කඩා පාත් වෙන්නේ ඒ නිසාය. රාවයේ වික්ටර් අයිවන්ට පවා රනිල් ගැන දුක සිති, මෛත්‍රීපාල ලොක්කාගේ උපදේශකයින් දෙන ගේම් ගැන ලියන්නේ, ඒ නිසාය. ඒ කියනා උපදේශකයින් දෙදෙනාම රනිල්ගේ ජන්මාන්තර හතුරෝය. (ශිරාල් ලක්තිලක හා මලිත් ජයතිලක)

ජනාධිපති තුමාට ළෝකයේ පිලිගැනීමක් ලැබෙන්නේ එජාපයේ විදේශ ප්‍රතිපත්ති හේතුවෙන් නිසා මිස එයාගේ විශේෂත්වයකට නෙමේය. එයා බලයේ ඉන්නේත්, එජාපය නිසා මිස සිරි ලංකා එක නිසා නෙමේය. ආයෙත් බලයට එන්න ඕනා නැතෙයි කිව්වාට, ආපු දවසේ පටන් කරන්නේ ඊළඟ සැරේටත් ජනාධිපති වෙන්නමය. ඒකත් නාමික එකක් නෙමේය. විධායක එකත් එක්කමය. සිරි ලංකා පාටියේ බලය අල්ලන්න යන්නේ ඒකය. 

ඒත් එයා ඒ ගේමෙන් පරාදය. මහින්ද අදටත් ඉන්නේ ඉදිරියෙනි. පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් හා ජනතාව පමණක් නොව, කොතරම් දොල පිදේනී දුන්නද, පාර්ලිමේන්තුවේ සිරි ලංකා එකේ බහුතරය ඉන්නේත් මහින්ද එක්කය. මහින්දගේ බල වේගය ශක්තිමත් වන විට අන්තීමට මෛත්‍රිට වෙන්නේ ,ඔප්සොන් නැතිව අනාත වීමය. ඉතිරි වන එකම ඔප්සොන් එක වන්නේ අබ සරණ යනවාද?, මහින්ද සරණ යනවාද?, කියනා එකම විතරය.

එතකොට එජාපයට සොලියුෂන් එකක් නැතිද...? 

අපෝ තියෙනවාය. හැදෙනවා නම්, දැන් උනත් පුළුවන්ය. ඒ ජනතාවට තිත්ත බේත් දීම නොව මහ එකාගේ පටන් එයාලා ඔක්කෝම තිත්ත බෙහෙත් බොන්නට පටන් ගන්නා එකය. දියුණු උන රටවල් දියුණු වෙලා තියෙන්නේ එහෙමය. හෑල්ල දිග වැඩි නිසා, ඒ පල්හෑල්ල වෙන වෙලාවක ලියනවාය.


මාතලන් | Maathalan


Share on Google Plus