කෝප්, UNP කමිටුව කැඳවයි - කුමන්ත්‍රණයක්ද?


පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වය දරණ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සියළු දෙනාම අද (04) පස්වරු 05ට අරලිය ගහ මන්දිරයට හදිසි කැඳවීමක් කර ඇති බව වාර්තා වේ.

මහ බැංකුවේ බැඳුම් කර සිදුවීම පිළිබඳව එහි අධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට කෝප් කමිටුවේ පරීක්ෂණයක් පැවැත්වෙන අතර හෙට (05) පස්වරු 2.30ට එය කැඳවීමට නියමිත අතර ලබන 07වෙනිදා හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාව එහි කැඳවීමට නියමිතය.

මෙවැනි තත්වයක් තුළ කෝප් කමිටුවේ එජාප සාමාජිකයන්ව මෙසේ අරලිය ගහ මන්දිරයට කැඳවීමේ අරමුණ කිසියම් කුමන්ත්‍රණයක් දැයි සක සහිත බව දේශපාලන විශ්ලේෂකයන් පවසයි.

Share on Google Plus