'සයිටම්' ගැන අලුත් එකඟතාවක්‌.


මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ඉදිරියේදී රජයේ පූර්ණ මැදිහත්වීම යටතේ රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයටම සම්බන්ධ ආයතනයක්‌ ලෙස පවත්වාගෙන යැමට රජයේ වෛද්‍ය පීඨාධිපතිවරුන් ඊයේ  (21 දා) එකඟතාවකට පැමිණ ඇත.

උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා සමඟ රජයේ විශ්වවිද්‍යාල හතක වෛද්‍ය පීඨාධිපතිවරුන් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වූ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ.

ඒ අනුව රජයේ පූර්ණ මැදිහත්වීම යටතේ රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගිතාව සහිත ආයතනයක්‌ ලෙස මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පවත්වාගෙන යැමට වෛද්‍ය පීඨාධිපතිවරුන් මෙහිදී එකඟවී තිබේ.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජය සමඟ සම්බන්ධ වූ ආකාරයට නෙවිල් ප්‍රනාන්දු රෝහලටද මෙම ක්‍රමවේදය අනුගමනය කරමින් රජය සමග එක්‌වීමට එම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව සාකච්ඡාවට සහභාගි වූ උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට කීය.

මෙම සාකච්ඡාවේදී ගත් තීරණ සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කළ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.


Share on Google Plus