ජිවන වියදම ඉහළයාම සම්බන්ධයෙන් රජයේ අවධානය.


ඉන්ධන මිල හා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුකර තිබියදී ජිවන වියදම සුළු ප්‍රමාණයකින් ඉහළයාම පිලිබදව රජයේ අවධානය  යොමුව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මහතා පවසනවා.

රාජගිරියේ ශ්‍රී ලංකා අන්ධ ජන සේවා මධ්‍යස්ථානයේ අද පැවති උත්සයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කලා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක මහතා කියා සිටියේ එදිනෙදා ජීවත්වීමට අවශ්‍ය භාණ්ඩ ඇතුලු අත්‍යවශ්‍ය  භාණ්ඩ රැසක් වැට් බද්දෙන් නිදහස්කර ඇති බවයි.

එසේ සිදුකර තිබියදී අද වැට් බද්ද පිලිබදව විශාල ආන්දෝලනයක් ඇතිකරලා තියෙන්නේ රජයේ ගමන්මග අපහසුතාවයට පත්කිරීමට බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අද රටේ ආර්ථිකය ගොඩනගන්න අපේ රජය විශාල ලෙස වෙහෙස වෙනවා. නමුත් සුළු සුළු අඩුපාඩු සිදුවෙනවා. කඩාවැටිච්ච රටක්, ආර්ථිකයක් ගොඩගනිද්දී එවැනි දේවල් වියහැකි බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වාදුන්නේ. විශේෂයෙන්ම අපි ආර්ථිකය වේගයෙන් සංවර්ධනය කරන්නේ. ඒ නිසා ජනතාවටත් ඊට සහය දැක්වීමට වගකීමක් පවතිනබව අමාත්‍යවරයා එහිදී අවධානය කරා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක මහතා කියා සිටියේ ඉන්ධන මිල හා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුකර තිබියදී ජිවන වියදම සුළු ප්‍රමාණයකින් ඉහළයාම පිලිබදව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වෙළද ව්‍යාපාරිකයින් සමග සාකච්ජා කල බවයි. එහිදී ජිවන වියදම සුළු ප්‍රමාණයකින් ඉහල ගියේ කෙසේදයන්න පිලිබදව සහ මිල පාලනයක් ඇතිකිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවූ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කලේ.

රටක් දියුණුවකරා යෑමේදී විනය ඇතිකිරීම අත්‍යවශ්‍ය බවත් විනය ඇතිකිරීමේදී ගැටළු පන නැගීම සාමාන්‍ය බවත් අමාත්‍ය සාගල රත්නායක එහිදී කියා සිටියා.

උසස් පෙළ සදහා සුදුසුකම් ලැබූ දෘශ්‍යාබාධිත දරුවන්ට දෘශ්‍යඋපකරණ ලබාදීම වෙනුවෙන් පැවති මෙම උත්සවයට මෙරට කොරියානු ජන රජයේ තානාපතිවරයා සහ ශ්‍රී ලංකා අන්ධ ජන සේවා මණ්ඩලයේ සභාපතිවරයා ඇතුලු පිරිසක් සහභාගී විය.

Share on Google Plus