මෛත්‍රී, රනිල්ට නොකියා සජිත්ට ආරාධනයක් කරලා.


පසුගිය කැබිනට් රැස්වීමෙන් පසු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනාවක් කර ඇතැයි වාර්තා වේ.

ඒ මොරගහ කන්ද ජලාශය විවෘත කිරීමේ උත්සවයට යාමට තමන් හා එක්වන ලෙස ය.

ආරංචි මාර්ග අනුව මේ ආරාධනාව කෙරෙද්දී අග්‍රාමාත්‍යවරයා ද ළඟ සිට ඇතැයි පැවසේ.

කෙසේවුවද සිද්ධියෙන් අගමැති රනිල් ගේ හිත රිදී ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි.

ඇමති සජිත් ප්‍රේමදාස මහතා, තම පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට වඩා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතවත් බවට ද රාවයක් තිබේ.

Share on Google Plus