පයින් ආවා කියලා ආණ්ඩුවක් පෙරලන්න බැහැ.


නුවර සිට කොළඹට පයින් ආ පමණින් ආණ්ඩුවක් පෙරලෙන්නේ නැති බවත් හන්දියක උද්ඝෝෂණය කළ පමණින් ආණ්ඩුව විසිරෙන්නේ නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

හෙතෙම මේ බව පවසා සිටියේ කොළොන්නාව අඩු ආදායම්ලාභී පවුල් 43 ක් උදෙසා ආධාර ලබා දීමේ උත්සවයකදීය.

''ජනතාව අගොස්තු මාසේ 17 වැනිදා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව පත් කර ගත්තා .ඒ ආණ්ඩුව පත් කර ගත්තේ අවුරුදු 5 කට . ඒ නිසා අවුරුදු 4 මාස 6 ක් වෙනකම් ව්‍යවස්ථාව අනුව ජනාධිපතිතුමාට මේ ආණ්ඩුව විසුරුවන්න බෑ. 2020 පෙබරවාරි මාසේ වෙනකම් ජනාධිපතිතුමාට මේ ආණ්ඩුව විසුරුවන්න හැකියාවක් නෑ.

මෙවන් පසුබිමක් තිබියදී බල තණ්හාවට හා හොරකම් සහ වංචා ආදිය සිදු කළ වරදට දඩුවම් විදීමට සිදුවෙතැයි යන බියෙන් පසුවන පිරිස් ආණ්ඩුව පෙරලන්නට .කූට උපක්‍රම යොදන බව මන්ත්‍රීවරයා පවසා සිටියේය.

කෙසේ වුවත් එම උත්සාහයක් අසාර්ථක බවත් ආණ්ඩුව පෙරලන්න 2020 දී ඡන්දයක් පැමිණෙන තෙක් බලා සිටීමට සිදුවන බවත් හෙතෙම පවසා සිටියේය.

රටේ ආර්ථිකය 2018 වර්ෂය වන විට නිවැරදි මාවතකට ගැනීම ආණ්ඩුවේ වෑයම බවත් 2019 -2020 අවුරුදු දෙක තුළ බඩු මිල අඩු කිරීමත්, රැකියාවන් ලබා දීම සහ පඩි වැඩි තිරීම සිදු කරන බවත් හෙතෙම පවසා සිටියේය.

ආණ්ඩු පෙරලීමේ ක්‍රියාදමය භාර දී ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාට බවත් බැසිල් රාජපක්ෂ යනු ඡන්ද පැරදුනු වහාම ඇමෙරිකාවට මාරු වන කෙනෙක් බවත් එසේත් නොමැති නම් උසාවියෙන් කූඩුවට දැමූ වහාම රෝහල් ගත වෙන්නෙක් බවත් මන්ත්‍රීවරයා පවසා සිටියේය.

'' තක්කඩීන්ට විරුද්ධව නිසි දඩුවම් ලබා දීම මේ ආණ්ඩුවේ වගකීමක් කියලා අපි විශ්වාස කරනවා. වසරකට වැඩි කාලයක් තිස්සේ කරගෙන ආපු පරීක්ෂණ වල ප්‍රතිඵල දැන් එළියට එනවා.තව යන්නත් යන්න සූදානමිනුත් කට්ටිය ඉන්නවා. තමත් කට්ටිය ඉන්නවා තමන්ගේ නිවාඩුවක් බවට ඒක පත් කරගන්නත්. හොරකම් කරලා හිරේ දාලා එළියට එනවා අත උස්සලා වීරයා වගේ. ලක්ෂ 700 ක් හොරකම් කරලා හිරේ ඇතුලට ගිහින් එළියට එන්නේ අත් දෙක උත්සගෙන හරියට නිකං ජනතාව වෙනුවෙන් සටන් කරලා හිරේ ගියා වගේ. මේ විහිළු මේ විකාර අපේ රටේ ජනතාව බලන් ඉන්නවා. ජනතාව උපේක්ෂාවෙන් මේ දිහා බලාගෙන ඉන්නවා ''

යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේය.





Share on Google Plus