මරික්කාර්ට පළාත් පාලන මැතිවරණය ඕනේලු.


ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය පිළිබදවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා කොළොන්නාව අඩු ආදායම්ලාභීන් පිරිසකට සිමෙන්ති ආධාර ලබා දීමේ උත්සවයකදී අදහස් දක්වන ලදී. 

මෙහෙදී අඩු ආදායම් ලාභින් 30 දෙනෙකු අතරේ සිමෙන්ති මලු 300 ක් බෙදා දුන් අතර මරික්කාර් මහතාගේ සම්පුර්ණ කතාව පහතින්,

"පළාත් පාලන ඇමතිතුමාට ස්තූතිවන්න වෙනවා ප්‍රජාත්‍රන්ත්‍රවාදයට ගරු කරලා නගර සභා හා ප්‍රාදේශීය සභාවල නිල කාලය දිගු නොකිරීම සම්බන්ධව. ඒ නිසා අපි එතුමට කියනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් ජනාධිපතිධූරයට පත්වුනෙත් මේ ආණ්ඩුව ආවෙත් ප්‍රජාත්‍රන්ත්‍රවාදයට ගරු කරන ආණ්ඩුවක් නීතිය යුක්තිය සාධාරණය ඉටු කරන ආණ්ඩුවක් කියලා. ඒ අනුව ප්‍රජාත්‍රන්ත්‍රවාදය ගරු කරනවා කියන්නේ ජනතාවගේ ඡන්ද අයිතියට ගරු කරන්න ඕනේ ජනතාවගේ ඡන්ද අයිතියට ගරු කරනවා කියන්නේ තමන්ගේ ගමේ වැඩ  ටික කරගන්න ගමේ මහජන නියෝජිතයා තෝර ගන්න ජනතාවට තියෙන අයිතියට ගරු කරලා වහාම ප්‍රාදේශීය සභා ඡන්දය තියන්න කියලා අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා. එතුමාගේ න්‍යාය පත්‍රය වෙන්න ඕනේ ඊළගට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන වැඩපිළිවෙළකට අනුබල දෙන්නවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වෙනකම් ගමේ පාලනය අකර්මන්‍ය කරන වැඩපිළිවෙලක්වත් නෙමෙයි. ප්‍රජාත්‍රන්ත්‍රවාදයට ගරු කරලා මුල් තැන දීලා ජනතාවගේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී අයිතියට ගරු කරලා. ප්‍රාදේශීය සභා හා නගර සභා මැතිවරණය ඉක්මනට තියන්න කියලා ඉල්ලා සිටිනවා.

අද කොළොන්නාවේ මිනිසුන්ට නිදහසේ ඉන්න පුලුවන්. කොහේවත් පාතාලය නෑ. කොළොන්නාවේ ඉස්සර වගේ ජයටම මත්කුඩු කප් එක ගහලත් නෑ ජයටම. මත්කුඩු නෑ කියලා කියන්නේ නෑ.  තියෙනවා නමුත් සුලු වශයෙන් සෑහෙන ප්‍රමාණයක් අපි පාලනය කරලයි තියෙන්නේ.ඒ හේතුව තමයි මගේ වටේ කුඩු කාරයෝත් නෑ කුඩු කාරයින්ගේන් මට ආදායමක් ඇත්තෙත් නෑ. ඊළගට ලොකුම ප්‍රශ්නය තමයි ගංවතුර ඇති වීම. ඒකට ප්‍රධාන හේතුව තමයි අපේ ඇළ මාර්ග ගොඩ කරලා අනවසර ඉදිකිරීමේ කරපු නිසා තමයි ගංවතුරට යටවුනේ. අගොස්තු මාසේ 18 කුඩු කාරයන්ගෙන් කොලොන්නාව මිදුනා වගේ දැන් අද සිට කොළොන්නාවේ ජනතාවට වාසනාව උදාවෙලා තියෙනවා අනවසර ඉදිකිරීම් හා ගොඩකිරීම් කරන ප්‍රාදේශීය සභාවෙන් හා නගර සභාවෙනුත් නිදහස ලැබුවා. කොළොන්නාව කියන්නේ ප්‍රශ්න කන්දක් තියෙන තැනක්. ඒ නිසා හතර මහා  නිධානය ගෙනාපු හතරවරං දෙයියෝ වගේ මට මාස 08 කින් ඔක්කොම ප්‍රශ්න ඉවර කරන්න බෑ. නමුත් මේ ටික කාලයට කොළොන්නාවේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය ස්ථාපිත කරලා තියෙනවා. "





Share on Google Plus