ටෙලිකොම් නරියාට කුකුල්ලු බාරදෙයි - නරියා වාවාගෙන කයි.


ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය සිය වෙළඳ දැන්වීමක් සෝෂල් මීඩියා හරහා ප්‍රචාරය කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

ඒ ජූලි 27 වන දා සිට 31 දක්වා කොළඹ සිට මඩකළපුවට ගමන් ගන්නා ටෙලිකොම් ස්පීඩ් අප් සයිකල් සවාරියේ දැන්වීම් මාලාවයි.
ඒ අනුව  ටෙලිකොම් ස්පීඩ් අප් සයිකල් සවාරියට අදාළ දැන්වීම් බුකියේ ප්‍රචාරය කිරීම ආරම්භ කොට තිබේ.

නමුත් මෙය ලංකාවේ ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන පිටු වෙත ඉතා සොච්චමි මුදලකට යම් පුද්ගලයන් දෙතුන් දෙනෙකුගේ උවමනාව මත සිදුවෙමින්  පවතින බව අපවෙත වාර්ථ‍ාවේ.

මෙම තුට්ටු දෙකට තමන්ගේ හිතවත් කම් මත ජනප්‍රිය නොවන පිටු වෙත මෙම දැන්වීම් ලබා දෙමින් මෙම පුද්ගලයා අතිවිශාල කොමිස්මුදලක් ලබාගන්නා බවද එම වාර්ථාවල සදහන්ය.

මෙය හසුරවන ප්‍රධාන පුද්ගලයා ප්‍රකට ක්‍රිකට් ක්‍රිඩක තිලකරත්න දිල්ශාන් මහතාගේ නිල ‍ෆේස්බුක් පිටුව මෙහෙයුවු පුද්ගයා වන අතර පසුව එය හිතුමතේට වෙනත් වෙබි අඩවි හිමිකරැවෙකුට රැපියල් 15000ක් වැනි මුදලකට අලෙවි කර ඇති බවද එම වාර්ථාවල වැඩිදුරටත් සදහන්ය.

නමුත් මෙය එක් මාධ්‍ය කණ්ඩායමකට සීමානොවී ලාංකීය ජනයා අතරට සෘජුවම යම් පණීවුඩයක් ගෙන යන ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය පිටු සදහා ලබා දීමට කටයුතු කිරීම පිලිබදව අප අගය කළ යුතුය.

නමුත් එය මෙවැනි මුදලට ඕනෑම දෙයක් සිදුකරන සොකඩයන්ට පාළනයකීරීමට ඉඩ නොදී එය නිවැරදිව සිදුකිරීම මෙම දැන්වීම් බෙදාහරින ආයතනවල ප්‍රධානීන්ගේ වගකීමයි.

කෙසේ නමුත් මෙය ඉදිරියේදී ලාංකීය වෙළඳ ප්‍රචාරණ කලාවේ නව ගමන් මඟක ආරම්භය සනිටුහන් කරනු ඇති බව අපගේ විශ්වාසයයි.


Share on Google Plus