ශ්‍රී ලංකන් ලොක්‌කන් තිදෙනකුට වැටුප් ගෙවීමට වසරකට ඩොලර් මිලියනයක්‌.


විශාල වශයෙන් පාඩු ලබන බවට චෝදනා නැඟෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයට වර්තමාන පරිපාලනය යටතේ බඳවාගෙන ඇති ඉහළ නිලධාරීන් තිදෙනකුගේ වැටුප් සඳහා වසරකට ඇමරිකානු ඩොලර් මිලියනයකට වැඩි මුදලක්‌ වැයවන බව ශ්‍රී ලංකන් වෘත්තීය සමිති චෝදනා කරයි. මෙම තිදෙනා මෙසේ අතිවිශාල වැටුපට බඳවාගෙන ඇත්තේ පුද්ගලික හිතවත්කම් මත බවට ද වෘත්තීය සමිති චෝදනා කරයි.

ඒ ඒ අංශවල නියමිත වැටුප් තල පවතින බැවින් මොවුන්ගෙන් ඇතැමුන් නව තනතුරු ඇතිකර බඳවාගෙන ඇති බව සඳහන් වේ.

මීට අමතරව නව පරිපාලනය පසුගිය දිනවල තවත් සේවකයන් ගණනාවක්‌ම ඉහළ වැටුප් මත බඳවාගෙන ඇත.

Share on Google Plus