යහපාලනයේ සභාපති ඉවතට?


ලිට්‍රො සමාගමේ සභාපතිවරයා ඉවත් කිරීමේ සුදනමක් ඇතැයි වාර්තා වේ.

ඊට හේතු වී ඇත්තේ ඉදිරි වසර සඳහා ටෙන්ඩර් පටිපාටියෙන් තොරව සමාගමට ගැස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ඉහළ බලධාරීන්ගේ හිතවත් සමාගමකට ලබා නොදීම හේතුවෙනි.

එහිදී ඉදිරි වසර සඳහා එල්පී ගෑස් සැපයුම්කරුවකු ‍තෝරා ගැනීම වෙනුවෙන් ටෙන්ඩර් කැඳවා ලිට්‍රෝ සමාගමට වඩාත්ම වාසිදායක ටෙන්ඩරයට එය ලබා දීමට වත්මන් සභාපතිවරයා කටයුතු කර තිබේ. 

ඉහළ බලධාරීන්ගේ දූෂිත ක්‍රියා මාර්ගය වෙනුවට විනිවිධ භාවයෙන් යුතුව රජයේ මූල්‍ය රෙගුලාසි වලට අනුකූළව මෙම ටෙන්ඩරය කැඳවීම නිසා දූෂිත බලධාරීන්ට ලබා ගත හැකිව තිබූ බිලියන ගනනක කොමිස් මුදල් අහිමි වීමේ වෛරය මත මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වේ.

කෙසේ නමුත් ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ වන රාජ්‍ය සමාගමක් ලෙස ලිට්‍රො සමාගම පිහි‍ටුවා ඇති නමුත් ලිට්‍රො සමාගමේ කොටස් හිමිකාරිත්වයෙන් වැඩි ම පංගුවක් ඇත්තේ ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවට වන අතර එහි සභාපතිවරයා වන්නේ හේමක අමරසූරියය.

මේ හේතුවෙන් සමාගමේ තීන්දු තීරණ වලට ඔහු දැඩිව බලපෑම් එල්ල කරමින් තිබෙන අතර අදාල ටෙන්ඩරය ආහෝසි කරන ලෙස ලිට්‍රෝ සමාගමේ සභාපති ශලිල මුණසිංහ මහතාට දීගින් දිගටම බලපෑම් සිදු කර ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි.

යහපාලනය වෙනුවෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා තරඟ කල හංසයා ලකුණ අයත් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ සභාපතිවරයා වන්නේ ද ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා වන ශලිල මුණසිංහ මහතායි. 

මොහු එම ධුරයට පත්වන විට එම ධුරය සඳහා රුපියල් ලක්ෂ 19 ක වැ‍ටුපක් සමඟ සියලු දීමනා සමඟ ලක්ෂ 25 ක තරමින් මාසිකව හිටපු සභාපතිවරයා ලබාගෙන තිබිණි. එහෙත් මුණසිංහ මහතා එය ලක්ෂ 2 දක්වා කපාහැර ආයතනයේ දූෂණ වංචා නාස්තිය වලක්වා යහපාලනය යනු කුමක්ද යන්න ගැන ආදර්ශක් බවට ලිට්‍රෝ ගෑස් සමාගමේ පාලනය පත් කිරීමට උත්සහගත් බවත් අවසන් වශයෙන් සටන් කළ යුතු අතර මේ සම්බන්ධ හෙළිකිරීම් කිහිපයක්ම ඉදිරියේදී සිදු කිරීමට අප බලාපොරොත්තු වෙමු.

Share on Google Plus