සතොස පොලීසියට භාර දෙයි.


කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බතියුදීන් මහතා විසින් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රේමලාල් රණගල මහතා ව ලංකා සතොස ආයතනයේ කළමනාකාර විශේෂඥයෙකු ලෙස පත් කර ඇත.

ජූලි 13 දින උදැසන පදනම් ආයතනයේ දී ලංකා සතොස හි විවිධ කළමනාකරුවන් 300 කට අධික පිරිස සඳහා පුහුණු සැසියකදී රිෂාඩ් ඇමැතිවරයා මේ බව හෙලි කරන ලදී.

කළමනාකරුවන් තම සේවයට හා ආයතනයේ දියුණුවට අවශ්‍ය කැපවීම දක්වන්නේ නම්, ලංකා සතොස ජාලය ලාභ ලබන සුපිරි වෙලෙඳ සැල් ජාලයක් වන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ලැඛෙන පැමිණිලි අනුව, ලංකා සතොස ජාලයේ සිදුවන අක්‍රමිකතා, දූෂණ සහ සොරකම් අවම කර, ඒවා පිළිබඳ තොරතුරු සෙවීමට සහ පරීක්ෂණ පැවැත්වීම යන කටයුතු වලට අවශ්‍ය නායකත්යවය රණගල මහතා විසින් ලබා දීමට නියමිතය.

එමෙන්ම, සමස්ත ලංකා සතොස ජාලය පරිගණක ගත කිරීම මීලඟ මාස හය (6) තුල සිදුකිරීමට ද ලංකා සතොස නිලධාරීන්ට ඇමැතිවරයා උපදෙස් දුනි.


Share on Google Plus