සන්නස්ගලගේ බිඳුණු පවුල එක්වෙලා.


උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් පවත්වන සිංහල උපකාරක පංති අතරින් ඔහු විසින් පවත්වාගෙන යන්නේ නුගේගොඩ ප්‍රදේශයේ උපකාරක පංතිය පමණක් වන අතර එම උපකාරක පංතියේ ශිෂ්‍ය සංඛ්‍යාව ද සීග්‍රයෙන් පහත වැටි සිටි බවට අප මීට මාස කිහිපයකට පෙර වාර්තා කළෙමු.

එසේම ඒ මහතා සමඟ උපකාරක පන්ති පැවැත්වූ කණ්ඩායම ද කැඩි බිඳී ගොස් තිබු නමුත් යලිත් එම කණ්ඩායම එක්ව ඇති බව වාර්තා වේ.

එහි එක් සාමාජිකයෙක් වන බෞද්ධ ශිෂ්ඨාචාරය ගුරුවරයෙකු වන අරුණ ගුණසේකර මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මේ පිළිබඳව දක්වා තිබු අදහස් පහතින් දැක්වෙන අතර ඔහු ද සන්නස්ගල මහතාගේ කණ්ඩායමෙන් ඉවත්ව සිටි සාමාජිකයෙකි.

කෙසේ නමුත්, මෙම නැවුම් ආරම්භයට අප සන්නස්ගල මහතා ඇතුළු එම ගුරු කණ්ඩායමට ම සුභ පැතුම් එක් කරන්නෙමු.



Share on Google Plus