රනිල්ගෙන් ජාත්‍යන්තර බෞද්ධ සමුළුවක්.


70 වැනි නිදහස් දිනයට සමගාමිව ථෙරවාදී බෞද්ධ සමුළුවක් පැවැත්වීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණය කෙළේය.

ථෙරවාදී බුදුදහම ව්‍යාප්ත කිරීමටත් කලාප තුළ සිටින ථෙරවාදී භික්ෂූන් වහන්සේලා හා මහානායක ස්වාමීන් වහන්සේලා මුණගැසී සාකච්ඡා කරන ක්‍රමවේදයක් ඇති කළ යුතු බවත් මෙම සමුළුව වසරින් වසර වෙනත් රටවල පැවැත්වීමටත් කටයුතු සංවිධාන කරන බවද අගමැතිවරයා කීවේය.

ස්වාධීන රූපවාහිනී සේවයේ පූර්ණ අධි විශ්‍රැත මැදිරිය විවෘත කිරීමේ උලෙළට පෙරේදා (30) සහභාගීවෙමින් එසේ කී අගමැතිවරයා ලෝකවාසීන් එකතු කැර ගෙන ථෙරවාදී කතිකාවතක් නිර්මාණය කිරිමටද මෙමඟින් අපේක්ෂා කරන බවද පැවසීය.

ථෙරවාදී බුදුදහම අග්නිදිග ආසියාවට ගියේ ලංකාවෙන් වන අතර, ලංකාවට නැවත උපසම්පදානව ගෙන එන විට තායිලන්තයේ සිංහල නිකායික භික්ෂූන් වහන්සේලා මහනුවරට පැමිණ ඇත. අමරපුර, රාමඤ්ඤ ප්‍රදේශවලින් නැවත උපසම්පදාව ලබා ගෙන ඇති අතර, මේ අවස්ථාවේදී මහ නායක ස්වාමීන්වහන්සේලා කැඳවලා ඒ ඒ රටවල ථෙරවාදී භික්ෂූන් වහන්සේලා කැඳවලා රැස්වෙලා සාකච්ඡා කරන ක්‍රමවේදයක් ඇති කිරීමට නියමිතය.

Share on Google Plus