පාසල් රග්බි අවසන් තරඟය අර්බුධයේ - අපක්ෂපාති පිටියක් ඉල්ලයි.


මයිලෝ ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ අවසන් තරඟයට මේ වන විට සුදුසුකම් ලබා සිටින්නේ කොළඹ රාජකීය විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලයයි.

එහිදී කොළඹ රාජකීය විද්‍යාලය විසින් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල පරදවමින් අවසන් තරඟයට පිවිසි අතර ඉසිපතන විද්‍යාලය විසින් බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය පරදවා අවසන් තරඟයට සුදුසුකම් ලැබීය.

කෙසේ නමුත් තරඟාවලියේ මුල් පටන්ම රාජකීය විද්‍යාල පිටිය, රාජකීය විද්‍යාලය සහභාගී වන තරඟ සඳහා යොදා ගැනීමට පාසල් කණ්ඩායම් මෙනම් ක්‍රීඩා ලෝලීන් ද දැඩි අප්‍රසාදයක් පලකලේ එය තරඟයේ ජීව ගුණයට හානියක් බව පවසමිනි.

මේ සම්බන්ධයෙන් Youth Arena සඟරාව මඟින් ක්‍රීඩා ලෝලීන්ගෙන් කල විමසා බැලීමක දී 64% පමණ ප්‍රමාණයක් තරඟය සාධාරණ පිටියක පැවැත්විය යුතු බවට පවසා තිබේ.

ඊට ඔබේ අදහස ද පහත ලින්කුවෙන් එක්කල හැක.

Share on Google Plus