පාද යාත්‍රාව කොට උඩ?


ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව ප්‍රමාණවත් ජන සහභාගීත්වයක් නොලැබීම හේතුවෙන් අඩපන වෙමින් පවතින බවට දිනමිණ අන්තර්ජාල ප්‍රකාශනය වාර්තා කරයි.

ඔවුන් පවසන්නේ නුවර සිට කොළඹ දක්වා පැමිණීමට නියමිත පාද යාත්‍රාවේ දෙවෙනි දවස වන අද පා ගමන සඳහා 3,000කට ආසන්න ප්‍රමාණයක් පමණක් සහභාගී වන නමුත් ඒකාබද්ධ විපක්ෂය විසින් පා ගමනට පෙර නිවේදනය කලේ ලක්ෂයක පමණ ජනතාවක් එයට සහභාගී වන බවයි.

කෙසේ නමුත් පවතින තත්ත්වය හමුවේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල චරිත කිහිපයක් ම පා ගමනින් ඉවත්ව ඇති අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජන කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද පාගමනින් ඉවත් වෙමින් සිටින බවත් හිටපු ජනාධිපති පා.ම. මහින්ද රාජපක්ෂ මහතා ද සුළු වෙලාවක් පමණක් පාගමනට සහභාගී වී ඉන් ඉවත්ව ඇති බව ද දිනමිණ වැඩිදුරටත් පවසයි.

අද පාගමන කෑගල්ල නෙලුම්දෙනිය නගරයෙන් අවසන් වීමට නියමිතය.

Share on Google Plus