නාමල්ට වරෙන්තු - පාගමන අතරතුර අත්අඩංගුවට?


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හයදෙනෙකු වහා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා කෙළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (28) නියෝග කළේය.

ගවර්ස් කෝපරේෂන් සභාපති බව කියන නාමල් රාජපක්ෂ ‘හෙලෝ කෝප්’ ආයතනයෙන් රුපියල් දස ලක්ෂ එකසිය විසිපහක කොටස් මිලට ගෙන ඇතැයි ද ඒ සඳහා ඔහුට මුදල් ලැබුණු ආකාරය සැක සහිත යැයි ද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ කියා සිටියේය.

නාමල් රාජපක්ෂ මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් කර  ඇති හෙයින් ඔහු ඇතුළු හය දෙනෙකුට චෝදනා ගොනු කිරිමට සාක්කි තිබෙන හෙයින් නිතිපති උපදෙස් දී  ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මහේස්ත්‍රාත්ට කීවේය. එසේ නම් ඔහු  ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත් නියෝග කළේය.

දෙවැනි සැකකරු වන ඉන්දික ප්‍රභාත් කරුණාධීර රටින් පැන ගොස් ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කියා සිටියේය. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනය ඇතුළත් වරෙන්තුවක්  නිකුත් කැරිණි. 

Share on Google Plus