නාමල් සතියක් බන්ධනාගාරයට.


(UPDATE) 16.33 PM

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළැඹෙන 18 දා තෙක් බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

15.45 PM - අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කොටුව මහේස්‍රාත් උසාවියට ඉදිරි පත්කරනු ලැබීය.

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවා තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවෙයි.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද මූල්‍ය අපරාධ ඒකකයට කැඳවා තිබුණි. ඔහු තවමත් මූල්‍ය අපරාධ ඒකකය ඇතුළේ රැඳී සිටියි. ඔහුත් සමග පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව එයින් පිටව ගියේය.

හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර් වෙල්ගම මහතාද අද මූල්‍ය අපරාධ ඒකකයෙන් පිටව ගියේය.  

Share on Google Plus