නන්දලාල් වීරසිංහ - සරත් අමුණුගම රහස් සාකච්ඡාවක්.


ශ්‍රී ලංකා මහා බැංකුවේ මීළග මහ බැංකු අධිපති වශයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාව බොහෝ දුරට පත් කිරීමට ඉඩක් තිබෙන බවට ප්‍රවෘත්ති පළ වීමත් සමග ඊයේ දිනයේ උදෑසනම ශ්‍රී ලංකා මහ බැංකුවට පැමිණි එහි දැනට නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා උදෑසන 9.30 පමණ මහ බැංකු පරිශ්‍රයෙන් පිටවී ගොස් ඇත්තේ 'සිරිකොත' එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට යන බවට අඩබෙර ගසමිනි.

නමුත්, ඔහු සමග හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති වරයෙකු වූ ඩබ්ලිව්.විජේවර්ධන මහතාත් 'විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ' කාර්යාලයේ රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව තහවරු විය.එයට සුජාතභාවයක් ලබා දීම පිණිස දැනට මෙරට ආර්ථිකය සම්බන්ධ විද්වත්හු කීපදෙනෙක්ද එම සාකච්ඡාවට එකතු කර ගත්තද සාකච්ඡාව නිමා වූ පසුව එම විද්වතුන්ද නියෝජ්‍ය මහා බැංකු අධිපතිවරයාට දොස් නගා ඇත.මෙහිදී "කොහොමද අපි රනිල්ට උගන්වපු පාඩම පංකාදුයි නේද?මදෑ ආර්ථිකය ගොඩ දාල ජීවිතේම යූ.එන්.පී. එක බලයේ ඉන්න හැදුවා යනුවෙන් හිටපු නියෝජ්‍ය මහා බැංකු අධිපති විජේවර්ධන මහතා පැවසූ බවට තොරතුරු හෙළි වේ".....ඒ පිළිබදව අප මාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්න කිරීමකදී පවසා ඇත්තේ "ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන සමාලෝචනයක් පමණක් එහිදී සිදු වූ බවයි"

නමුත්,අපට පැන නගින ගැටලුව නම් රටේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය වරයා ඊයේ දිනයේ හෝරාවකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ ගත කරන ලද අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන කතා නොකෙරූ නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සමග පෞද්ගලිකව ආර්ථිකය ගැන සාකච්ඡා කිරීමට හිතුණේ ඇයි ද යන ගැටලුවයි.

මෙය වඩාත් බරපතළ කාරණාවක් වන්නේ බැසිල් රාජපක්ෂ,අජිත් නිවාඩ් කබ්‍රාල් සමග එකට එක්වී හිතුවක්කාර ලෙස මහ බැංකුවේ සූදු කෙළින ලද හිටපු නියෝජ්‍ය මහ බැංකු අධිපති ඩබ්ලිව්.විජේවර්ධන මහතා විශ්‍රාම සුවයෙන් නිවසට වී නොසිට නැවත ආර්ථිකය ගැන රාජකාරීමය කාරණා වලට අත දමන්නේ ඇයිද යන ගැටලුවයි.

ආචාර්ය නන්දලාල් වීරසිංහ යනු,තංගල්ල ප්‍රදේශයේ උපන් රාජපක්ෂ පවුල සමග ඉතාම සමීපයෙන් කටයුතු කළ අයෙක් ලෙසද ප්‍රකටය.මේ වන විට මාධ්‍යවේදීන් ලෙස අපට ශ්‍රී ලංකා මහ බැංකුව අනාගතයේ ගොදුරු වීමට යන විශාල කුමන්ත්‍රණයක සුල මුල පෙනේ.එනම් පරාජිත රාජපක්ෂ පවුල නැවත් වරක් තම සමීපතමයෙක් නව මහ බැංකු අධිපති ලෙසට පත් කරගෙන ශ්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ කර ජනතා උද්ඝෝෂණ මෙහෙයවීමට මාන බලා නැවත බලයට පත් වීමට වෙර දරනා බවයි.

ඒ සදහා වර්තමාන යහපාලන රජයට සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය වරුන් අති බහුතරයක් රහස් කුමන්ත්‍රණයක් යෙදෙන බව ජනාධිපති තුමනි, අපි ඔබ තුමාගේ දැනුවත් බව උදෙසා හෙළිදරව් කර සිටින්නෙමු!ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයාද එම කුමන්ත්‍රණයේ මහා මොළකරු බවට අද වන විට පත්ව ඇති බව අද පෙරවරුවේ සිදු වූ මෙම සිදු වීම හොදම නිදසුනකි.



Share on Google Plus