තිලංග, නාලන්දා විදුහල්පති දොට්ට දානවාලු.


දූෂණ චෝදනා එල්ලවී සිටින කොළඹ නාලන්දාවේ විදුහල්පති වසන්ත රංජිත් ජයසුන්දර ඉන් ඉවත් කිරීමට මුල්වීමට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල එම විදුහලේ ආදි සිසුන් පිරිසකට ඊයේ (18) ප්‍රසිද්ධියේ පොරොන්දුවක් ලබාදී ඇත.

නාලන්දා විදුහල් පතිවරයා පොලිස් අත් අඩංගුවෙන් බේරා ගැනීම සඳහා කටයුතු කළේ තිලංග සුමතිපාල මහතාගේ බලපෑමෙන් බව අප විසින් මිට පෙර හෙළිදරව් කරනු ලබීය.

නාලන්ද විදුහල්පතිවරයා හා තිලංග සුමතිපාල අතර සමීප ඇසුරක් ඇති බවත් ඔවුනොවුන් බොහොම හොඳින් දන්නා හඳුනන අය බවද අපි දනිමු.

කොහොම නමුත් ආදී නාලන්දියකු වන සුමතිපාල මහතා මේ පොරොන්දුව ලබාදී ඇත්තේ ආදි නාලන්දීයන් පිරිසක් විදුහල්පිතිවරයාට එරෙහි පියවර ගැනීමට කොළඹ හිල්ටන් බ්ලූ හිදී පැවැත්වූ විශේෂ රැස්වීමකදීය.එහිදී විදුහල් පතිවරයා හා සුමතිපාල මහතා අතර ඇති සම්බන්ධතා ගැන කතා බහක් ඇතිවී තිබේ.



Share on Google Plus