නාමල්ට ඇප - බැසිල් අත්අඩංගුවට.


හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණි අවස්ථාවේ දීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවිය අද නියෝග කර තිබේ.

ඒ, රුපියල් 50000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප තුනක් මතයි.

ඔහුට විදෙස් ගමන්ද තහනම් කැරුණු අතර බැංකු 4ක නාමල් රාපක්ෂගේ නමින් ඇති ගිණුම් පරීක්ෂා කිරීමටද රහස් පොලිසියට අවසර අධිකරණය අවසර ලබා දී තිබේ.

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් රගර් ප්‍රවර්ධනය සඳහා දුන් බව කියන රුපියල් කෝටි 7ක් වංචා කළැයි සැකපිටයි.

Share on Google Plus