මෛත‍්‍රීගේ දින දහදාහට දැවැන්ත සැණකෙළියක්.


ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා දේශපාලනයට පිවිස මෙම මස 26 වන දිනට දින දස දහසක් පිරීම නිමිත්තෙන් දැවැන්ත ප‍්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමට සූදානම් වන බව දැන ගැනීමට තිබේ.

මෙම වැඩසටහනට ආගමික, පාරිසරික, සෞඛ්‍ය ආදී සමාජ සේවා කටයුතු රැසක් මෙන්ම රට පුරා විශේෂ උත්සව ගණනාවක් ද සූදානම් කර ඇත. මේ වෙනුවෙන් මිලියන සියයකට වැඩි මුදලක් වැය වනු ඇති බවත් දැන ගැනීමට තිබේ.

කෙසේ නමුත් මෙම වැඩපිළිවෙළ සඳහා මෙතෙක් ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව නොමැත. ඔහුගේ එංගලන්ත සංචාරයෙන් පසුව පසුගිය 16 දා දිනයේදී ඔහු මෙරටට පැමිණිමට නියමිතව තිබිණි.) මේ සම්බන්ධයෙන් තීරණය කිරීම සිදුවනු ඇති නමුත් මේ වන විට ඊට අදාළ සියලූ සැලසුම් සකස් කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

Powered by Blogger.