මහින්දගේ රට සවාරි කළු සල්ලි සුදු කිරීමේ වැඩක් දැයි සැකයක්?


මහින්ද රාජපක්ෂගේ විදේශ සංචාරයන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්බ කර ඇති බව දැනගැනීමට ඇත.

පසුගිය කාලයේ රාජපක්ෂලා උගන්ඩාවේ, ජපානයේ සංචාරයන් සඳහා ගිය අතර එම සංචාරයන් වලදී ඔහුගේ දේශපාලන කටයුතු වෙනුවෙන් එරට සිටින ශ්‍රී ලාංකික වැසියන්ගේ හා සංවිධානවලින් මිලියන් ගනනින් ආධාර ලැබුණු බව කියමින් එම මුදල් මෙරටට ‍රැගෙන ඒම පසුගිය කාලයේ මෙරටින් අයතා ලෙස උපයා විදේශ රටවල තැන්පත් කෙරුණු මුදල් නැවත නිත්‍යානුකූල මුදල් ලෙස මෙරටට ගෙන ඒමේ වැඩ පිලිවෙලක්දැයි සැකයට තුඩු දී තිබේ.

රාජපක්ෂලාගේ විදේශ සංචාරයන් සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් පහසුකම් සලසනු ලැබුවේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කෙරෙමින් පවතින අතර තුරදීය.

එසෙම මෙරට හොල්සිම් සිමෙන්ති සමාගම මිලට ගැනීම සඳහා නන්දන ලොකුවිතාන නැමැති ව්‍යාපාරිකයා ඩොලර් මිලියන 400 ක පමණ ලන්සුවක් තැබීම ගැනද විමර්ශනයක් ආරම්බ කෙරෙ ඇති බවත් දැන ගැනීමට තිබේ. නන්දන ලොකුවිතාන ඩුබායි හී මැරියට් හෝටලයද මිලදී ගත් පුද්ගලයා වන අතර ඔහුගේ ආදායම් ඉපදවීම සම්බන්ධයෙන් මේවන විටත් විමර්ශනයක් සිදුවෙමින් තිබේ. මෙයට හේතුව මොහු විසින් ආයොජනය කරන මුදල් රාජපක්ෂෙවරු විසින් මෙරටින් අයතා ලෙස උපයා විදේශ රටවල තැන්පත් කළ මුදල් බවට චෝදනාවක් එල්ල වීම නිසාය. හොල්සිම් සමාගමේ දේපල විකිණීමට එම ව්‍යාපාරික ආයතනය තීරණය කිරීමත් සමඟ එම සමාගම බලාපොරොත්තු වූ ඩොලර් මිලියන 180 ලංසුවට වඩා දෙගුණයක් වැඩි ලංසුවක් චීන සමාගමකින් ඉදිරිපත් වූ අතර ඊට වඩා වැඩි ලන්සුවක් ලොකුවිතාන විසින් ඉදිරිපත් කර තිබිණි.

කෙසේ නමුත් ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහත දකුණු කොරියාවේ සංචාරයක් සඳහා යෑමටද සූදානමින් පසුවේ. මෙම සංචාර සඳහා මුලය අක්‍රමිකතා හා හොර අවිජාවාරම් සම්බන්දයෙන් චෝදනා ලබා තිබෙනා මහින්ද රාජපක්ෂගේ ඥාති පුත්‍ර උද්යංග වීරතුංග මහතාගේ සහභාගිත්වයද කැපී පෙනේ. ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන ලෙස පසුගියදා අධිකරණ සහය පැතූ නමුත් ඒ ප්‍රතික්ෂේප වී තිබිණි.

Share on Google Plus