මහින්ද කොරියාවට - හේතුව මොකද්ද?


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන සතියේ දකුණු කොරියාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තාවේ.

ඔහු සමග මෙම සංචාරයට විස්සකට ආසන්න පිරිසක් එක්වීමට නියමිතව ඇතැයි ද පැවසේ.

හිටපු ජනාධිපතිවරයා පසුගිය මාස කිහිපයේ රටවල් කිහිපයකම සංචාරය කල අතර, අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය මගින් වරෙන්තු නිකුත් කර තිබෙන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ද එවැනි සංචාරවලදී රාජපක්ෂ මහතා හමුවීමට පැමිණ තිබීම බුද්ධි අංශවල සැකයට භාජනය වී තිබේ.

එසේම, මේ සංචාරයන්හිදී තමන්ට එරටවල වෙසෙන ආධාරකරුවන් රුපියල් කෝටි ගණනින් ආධාර උපකාර කල බවට මහින්ද රාජපක්ෂ මහතා කර තිබු ප්‍රකාශ පිළිබඳව සැක පළකර ඇති රාජ්‍ය බුද්ධි අංශ, මෙම සංචාර හරහා රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි සුදු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන්නේ දැයි දැඩි සෝදිසියකින් සිටින බවද වාර්තාවේ.

Share on Google Plus