කුමාරස්වාමි ගේන මෙහෙයුමේ සිරසේ මිලින්දත් ඉඳලා?


නව මහබැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත් කිරීමේ මෙහෙයුම පිටුපස සිටි 'අදිසි හස්තය' මිලින්ද මොරගොඩ බවට මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පැතිරයමින් තිබේ.

මෙයට පෙර කියවුනේ ආචාර්ය කුමාරස්වාමි මහතා පත් කිරීම පසුපස හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සිටි වග ය.

කෙසේවෙතත් ආචාර්ය කුමාරස්වාමි 'ෆාත්ෆයින්ඩර් පදනම' (PATHFINDER FOUNDATION) නම් රාජ්‍ය නොවන සංවිධානයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර තිබුනේ ය. මිලින්ද මොරගොඩ මහතා එකී සංවිධානයේ ප්‍රධානියෙකි.

එසේම අගමැති රනිල්ට ඕනා වුනේ එවකට චීනයට ගොස් සිටි මුදල් ඇමති රවී කරුණානායක එනතුරු අලුතෙන් මහබැංකු අධිපතිවරයකු පත් කිරීම කල් දමා ගන්න ට ය. ඒ මහා බැංකු අධිපතිවරයකු පත්කිරීමේදී මුදල් ඇමතිවරයා ගේ නිර්දේශය වුවමනා නිසා ය.

ජනපති මෛත්‍රී ගේ අභිලාෂය වුයේ එතෙක් නොඉඳ ආචාර්ය ඉන්ද්‍රජිත් මහතාව පත් කර ගැනීම ය.

මේ ගැටලුව විසඳුවේ ඒවනවිට වැඩ බලන මුදල් ඇමති ලෙස කටයුතු කල මුදල් රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා ය. වැඩබලන මුදල් ඇමති ලෙස ඔහු ඒ සඳහා වූ නිර්දේශයට අත්සන් කරනු ලැබිය.

ඇමති ලක්ෂ්මන් යාපා හා මිලින්ද අතර අදටත් ඇත්තේ දැඩි බැඳීමකි.

අගමැති රනිල්ගේ 2001 දෙසැම්බර ආණ්ඩුවේ මිලින්ද මොරගොඩ ප්‍රධානපෙලේ භූමිකාවක් උසුලන්නකු වුයේ ය.

සාම සාකච්ජා, ආර්ථික ප්‍රතිපත්ති, ජාතික ආරක්ෂාව පමණක් නොව විදේශ ප්‍රතිපත්ති ඇතුළු ආණ්ඩුවේ ප්‍රධාන දැති රෝද සියල්ලක් ම පාහේ එවකට කැරකුණේ මිලින්ද මොරගොඩ මහතාගේ අනුදැනුම යටතේ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉදිරි ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මිලින්ද මොරගොඩ වැනි ජාත්‍යන්තර සම්බන්ධතා ඇති අයකුගේ අවශ්‍යතාවය 'සිරස' අධිපතිවරයා ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකර ඇතැයි පැවසේ.

මොරගොඩ මහතා හා 'සිරස' අධිපතිවරයා ගජ මිතුරන්ය.


(මූලාශ්‍රය - සත්හඬ)

Share on Google Plus