කළ කර්‍මය ඵල දෙනවා.... රජු මාවත බැස යනවා... | මාතලන්


රජ කම් කෙරුවත් කළ කම් ඵල දේ කියා, අම්මට සිරි ලංකාවේ කතාවක් ඇත්තේය. ඇත්තටම සුද්දා මේ රටෙන් නිදහස් වීමෙන් පසුව,ත් මේ පිස්සු පීකුදු රට අල්ලාගෙන, ඉල්ලාගෙන කන්න පටන් ගත් දිනයට පෙරත් උන් රජවරුන්ගේ ජීවීත් ගැන සොයා බැලුවොත්, ඔක්කෝම උන් වගේ මේ පරිප්පුව කාපු උන්ය. ඒක එදාද අදද කියලා වෙනසක් නැතිය.

සමාන්නියෙන් අම්මට සිරි ලංකාව කියනා රට ළෝකයේ අනෙක් රට වලට වඩා බොහෝ වෙනස් කියා කතාවකුත් තියෙනවාය. ඒකත් සහතික ඇත්තය. මෙතුවක් ලෝකයේ සිටි එකඳු එකාධිපතියෙකුවත් බලයෙන් චුත වූවාට පසු ආයෙත් ගේමට ආවේ නැතිය. ගොඩක් උන් අන්තරස්දාන උනේය. සම හරක් පලා ගියේය. එහෙම නැහ්නන් ජීවීත කාලෙටම හිර ගෙවල් වල ගියේය. 

ඒත් මේ රටේ ජනතාව එපා කියලා ගෙදර යවපු එකා පොරක් කරගෙන ඉන්නේ ගොබ්බ පාලකයෝය. මහින්දට අත තියන්නේවත් නෑ කියලා, ඒ ගොබ්බ නායකයෝ අදටත් සපත් කර කියනවාය. ඉදින් මහින්ද මහත්තයා හමුදා කුමන්ත්‍රණයක් හෝ එජාපයේ උන් සල්ලිවලට අරගෙන හෝ මොකක් හෝ කුප්ප වැඩක් කර නැවත් බලයට පත් උනොත් ඒකත් ළෝක වාර්ථාවක්ම වෙනවාය.

මෙ ගොබ්බ ආන්ඩුවට හා ජනාධිපති තුමාට උපදෙස් දෙන උන් එක්කෝ අමු හරක් වෙන්න ඕනාය. එහෙම නැහ්නන් මහින්ද මහත්තයා වාගෙම මුන්නැහෙත් උපදේසකයෝ පයිසෙකට මායිම් නොකර තමන්ට හිතෙනා දේ කොරනා එක්කෙනෙක් වෙන්න ඕනාය. එකාබද්ධ මලබද්ධයේ උන්ගේ පාද යාත්‍රාවක් කටේ තියාගෙන උන් එක්ක සාඛච්ඡාවකට යන්නේ ඒ නිසාය. මේකෙන් වෙන්නේ හවුල් ආන්ඩුවට ආවඩන උන්ට සංසාරෙත් එක්ක එපා වෙන එකය. අනික් දේ පාද යාත්‍රාවේ යන උන් ෆෝම් වෙන එකය. 

එහෙම ෆෝම් වෙලා, උන් පත්තරවලට කිසි අවුලක් නෑ මචෝ කියා නිව්ස් දෙනවාය. ලොක්කාගේ ඉහ මොළ රත් වෙන්නේ එයා අරුන් එක්ක කතා කරපු ඒවා, ඊළඟ දවසේ උදේ පත්තරේ තියෙනවා දැක්කාමය. එතකොට පෙරහර ගිහිල්ලා ඉවරය. මහා පතංගර අකුරුවලින් පත්තර පිටු භාගයක් පුරා දාපු හෙඩිම බොරුය කියලා, හෙට පත්තරේ දාන්න කියලා ඊළඟට නාහෙන් අඬන්වාය.මහින්දගෙන් ලැප් ටොප් අරගෙන මෝට බයික් අරගෙන, දැනටත් මහින්ද මහත්තයාගෙන් අඩියක් ගහගෙන ඉන්නා මාද්දියකාරයෝ කරන්නේ, "ලොක්කා එහෙම දෙයක් නෙමේ අනේ කියා තියෙන්නේ..." කියා වෙනත් මොකක්දෝ අපබ්‍රංසොයක් ඇතුළු පිටුවක් පොඩියට දානා එකය. උන් මේ ආන්ඩුවේ උන් පයිසෙකට මායිම් කරන්නේ නැතිය.

පාද යාත්‍රාව යන්නේ ආන්ඩුවට විරුද්ධවය. ආන්ඩුවේ ලොක්කා රනිල් නොව මෛත්‍රිපාල උන්නැහේය. එතකොට මේ ගමන යන්නේ මෛත්‍රිට විරුද්ධව මිස රනිල්ට විරුද්ධව නෙවේය. මේ සිම්පල් දේ මොන ගොනා තේරුම් නොගත්තත් තේරුම් ගන්නා එක සෙට් එකක් ඉන්නවාය. ඒ බටහිර රටවල් හා ඉන්වැස්ටස්ලාය. මේක හාල්පාරු ආන්ඩුවක් කියා උන් දන්නවාය. ඒ නිසා අතේ තියෙන සල්ලි දාලා ඉල්ලගෙන කන්න උන් කැමති නැතිය. චීනා ඉන්වෙස්ට් කරන්න එන්නේ මහින්ද මහත්තයා එක්ක චීනාට අවුලක් නැති නිසාය.

අවුරුදු දෙකකට ආසන්න වෙන්න ආවත්, බටහිර රටවල් මෙහේ එක පයිසයක් ඉන්වෙස්ට් කරන්නේ නැත්තේ ඒ නිසාය. ඉන්න උනුත් මේ මළදානේ දමලා ගහලා යනවාය. මොකෝ මුන්ට වඩා මේ රටවලට එකාධිපතියන් ගැලපෙන නිසාය.

අප මුල ඉඳන්ම කියූ දේ දැන් දැන් යහපාලන හාල්පාරුවන්ට තේරිගෙන එනවාය. මාතලන් මුල ඉඳන්ම කිව්වේ මේ රටට අවශ්‍ය ඝෝඨාභය වාගේ පාලකයෝ කියලාය. කොන්ද පන ඇති ශක්තිමත් නායකයෝ කියලාය. ප්‍රජාතන්තරවාදේ මේ වගේ රටවලට හරි යන්නේ නැතෙයි කියලාය. මහා ළොකුවට දෙනවා කිව් මාධ්‍ය නිදහසටත් දැන් නීතී ගෙන එන්න යනවාය. ඒ මහින්දට ෆුල් ටොස් දාන මාද්දියවෙදියෝ මුන්ගේ පුක නැති වෙන්නම යෝකර් දානා නිසාය. 

ආන්ඩුවේ උන්ව ප්‍රශ්ණ කරන්නේ උසාවියෙන් වගේය. ඒත් මහින්ද මහත්තයාගෙන්, ගෝඨාගෙන අහන්නේ, කටට උත්තරේ දීලාය. හරියට පොඩි උන් "ටාට්ටේ අර හඳද ටාට්ටේ... කියා, හඳටම ඇඟිල්ල දික් කොරලා අහනවා වාගේය. සම හරක් විට පට්ට නිදහස් මාද්දියක් වෙන සමාජ ජාලවලටත් නීතී රීතී එන්න ඉඩ තියෙනවාය.

මේවා අනිවාර්යයෙන් විය යුතු දේවල්ය. අද සතියේ එකම දිනකවත් කොළඹ නගරයේ නිදහසේ ගමන් කිරීමට සමාන්නිය ජනතාවට ඉඩක් නැත. හැමදාම උද්ඝෝෂණය, විරෝධතාය, පෙලපාලිය. පාරවල් වහලාය. එදා වේල හොයාගන්න රැකියාව සඳහා එන බඩ දරු අම්මලාත්, කාන්තාවත් අර කාලකන්නින්ට ගහන කඳුළු ගෑස් කන්න ඕනාය. ගෙවල් වලට යන්න බස් නැත. කොච්චි මිස් උනාම කට්ට කන්න වෙන්නේත් සාමාන්‍ය ජනතාවටය.

කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් සියල්ලම තියෙන ප්‍රදේශයේ හැමදාම රෝඩ් බැරියර්ය. ඉන්වෙස්ට්මන්ට් කරන්න පුළුවන්ද කියා බ්ලන්න එන උන් ඉන්නේ මේවාලය. මේ මළ විකාර දැක්කම උන්ට සංසාරේත් එක්ක එපා වෙනවාය. එක්කෝ ඔය තරමටම ප්‍රජාතන්ත්‍රවාදේ දෙන්න ඕනා නම්. ඔය ජන ශූන්‍ය පැත්තක තියෙනා පිට්ටනියක් දීලා, මහින්දගේ බත් ගොටු මාද්දිය වේදියෝත් එක්ක එතන ඕන මළදානයක් කර ගන්න කිව්වාම අහවරය.

ඇත්තටම මහින්ද මහත්තයා වෙලහකටත් මේ හාල්පාරුවෝ ටික එලවලා දාලා ආයෙත් බලය අරගෙන ඉවරය. මොකෝ දැන් යහපාලනයට ඡන්දය දුන්න එකෙක්වත් නැතිය. ජනතාව ඉන්නේ මහින්ද හා හොරු කියා බොරු කියා අප රැවටූ අහිංසකයන් පිරිස සම්ඟය. හමුදාවද පොලීසියද එයාලාට සපෝට්ය. ආන්ඩුවේ නිළධාරින් මේ ආන්ඩුවේ උන් පයිසෙකට ගනන් ගන්නේ නැතිය. ගේම ගහගන්න බැරි එකම හේතුව. පිටරට තානාපති කාර්යාල ටික හා සිවිල් පොරවල් ටිකය. බිස්වාල් නෝනා බය වෙලා පබිලිස් එක්ක පොලොස් කරි හදන්න එන්නේ ඒ නිසාය.

මෑතකදි, "ඔබට සතුටුයිද දැන්..." කියා, මහින්ද මහත්තයා අපෙන් ඇසුවේය. ඇත්තටම අපට සතුටුය. ඒ මොකෝ කියනවා නම් අපි කියන ඒවා අහන්නේ නැතිව ඉල්ලාගෙන කාපු නිසාය. ඒ විතරක් නොව රජා පමණක් නොව යුව රජවරුන්ද කුමාරවරුද අද පාරට වැටිලා තියෙන නිසාය. මැරෙනකන් රජකන් කරන්න උන් මහ රජා හා ඇමතිවරු මහ පාරටම වැටුනු එකටය. එහෙම වෙලා තියෙන්නේ අපිට තියෙනා මහා බලය නිසාය. ඒක රජ කමටත් වඩා බලවත්ය. ඒ බැලට් එකය. ඒ නිසා බැලට් එක තියෙන තුරා අපට සතුටුය.

හේතුව ඔබලා මහ මගට වැටීම ඉතරක්ම නම් නෙමේය. මේ හාල් පාරුවන්ද මහ පාරට ඇදලා දාන්න තරම් ශක්තියක් ඒ බැලට් එකට තියෙනා නිසාය.

හැබයි ළෝකයේ කිසිම රජෙක් මේ තරම් පීචං වෙලා නැති බවත් කිව යුතුමය..

2015 ජනවාරි 18 ඉස්සෙල්ලාම ඉල්ලාගෙන කෑවේය..

ඊළඟට අගමැති කම අරගෙන සිරිසේනට කෙලලා ආයෙත් රජවෙන්න ගහපු ගේම 2015 අගෝස්තු වල දෙවන පාර කෑවේය..

ඊළඟට හයිඩ් පාක් කෝනර් එකෙන් ආන්ඩුව පෙරලන්න ගොහිල්ලා ඉල්ලාගෙන කෑවේය..

එයිට පස්සෙ මැයි පළවෙනිදා හුන්ඩුවට ගුල්ලෝ ගොඩක් දාගෙන හතර අතේ නෝන්ඩි උනේය..

දැන් පාද යාත්‍රාවක් ඇවිල්ලා ආන්ඩුව පෙරලන්න යනවාය...

මේවා ගොන් ජෝක්ය... ආන්ඩුවක් විපක්ෂයයි දෙකම කරන්නේ ජනතාවට ගොන් ආතල් එක දෙන එක විතරමය. රට එතනමය.. මුන් ඔක්කෝම එක වල්ලේ පොල්ය.. රටත් ජනතාවත් කබලෙන් ලිපටය

හිටපු රජා අමු හෙළුවෙන් මහා පාරේය... ඉන්න රජාගේත් කිසි වෙන්සක් ඇත්තේ නැතිය.. එකම වෙනස තාමත් මන්දිරේ ඉන්නා එක විතරය.

ඒ වගත් මෙසේය...


සංසාරේ භවේ දුකා

සංසාරේ භවේ දුකා...සිරි සෑසි දෙසූ ලෙසේ...
රජ වරු පාරේ පෙරලේ - රිය සක ලෙස ලෝ කුහරේ..

පෙර රජ කළ මහ නරයා... බල යෙන් මුස පත් වෙනවා...
කළ කර්මය පල දෙනවා...රජු මවත බැස යනවා..

නව දේශයේනී ගලනා වු ඕජස්... අද මහ පාර පුරා...
කොළඹට හෙළුවෙන් එනවා - මේ මඤ්ඤං රටය ලොවේ...



මාතලන් | Maathalan


Share on Google Plus