ලංකාපුවත් බාදා බිඳදා ඇමති ගයන්ත අතින්, නව මුහුණුවරකින් එළි දකී.


ලංකා පුවත් ජාතික පුවත් නියෝජිත ආයතනයේ www.lankapuvath.lk වෙබ් අඩවිය පසුගිය පළමුවනද ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතා අතින් නවමු මුහුණුවරකින් එළිදක්වනු  ලැබීය. මෙහි විශේෂත්වය වනුයේ මෙතෙක් කල් වෙබ් අඩවියෙන් සහ කෙටි පණිවුඩ ඔස්සේ පමණක් ජනතාවට පුවත් සැපයූ ලංකා පුවත් ආයතනය නව සභාපතිතුමන් වන නන්ද මුරුත්තෙට්ටුව මහතාගේ සංකල්පයකට අනුව ඇතිකරන ලද LNC News (Lanka News Cast) නම් රුපවාහිනී නලිකවද මීට සමගාමිව ක්‍රියාත්මක වීමයි. එම නාලිකාව දැනට TNL රූපවාහිනීයෙහි උදැසන 6 සිට 7 දක්වා විකාශය වන අතර ඉදිරියේදී චන්ද්‍රිකා තාක්ෂනය සහ කේබල් රුපවාහිනී නාලිකාවක් ලෙස ක්‍රියාත්මකවීමට නියමිත බවද වාර්තා වේ. 

රජයේ සංවර්ධන ක්‍රියාවලිය සිදුකරගෙන යන ආකාරය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සහ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්වීම පිළිබඳව ජනතාවගේ දැනුම්වත්භාවය වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ලංකා පුවත් ආයතනය ස්ථාපිත කරනු ලැබීය.. නව රජය මගින් ක්‍රියාත්මක කරගෙන යන සංවර්ධන ක්‍රියාවලිය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මකවීම පිළිබඳව ජනතාවගේ අවධානය යොමුකරලීම අපේක්ෂාවෙන් ‘ලංකා පුවත් ’ වෙබ් අඩවිය නවමු මුහුණුවරකින් ආරම්භ කිරීමට පියවර ගන්නා ලදී. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සුරතින් මෙම වෙබ් අඩවිය අන්තර් ජාලයටමුදාහැරිම පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුකෙරිනි.

1978 වසරේ යුනිස්කෝ සංවිධානයේ අදහසකට අනුව ස්ථාපිත කල ‘ලංකා පුවත් ’ වෙබ් අඩවියෙහි පුරෝගාමියා මෙන්ම ආරම්භක සභාපතිවරයා වුයේද වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පියාණන් වූ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාය. ‘ලංකා පුවත්’ වෙබ් අඩවියෙහි මූලික පරමාර්ථය වන්නේ දේශීය පුවත් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වෙත ලබාදීම මෙන්ම විදේශීය පුවත් දේශීය මාධ්‍ය වෙත ලබාදීමය. ලංකා පුවත්හී නව ආරම්භයත් සමග තම පුවත් අන්තර්ජාලය සහ රූපවාහිනිය ඔස්සේ මෙන්ම කෙටි පණිවුඩ හරහා ජංගම දුරකථනය මගින් ජනතාවට ලබාදීම අපේක්ෂාවවී තිබේ. එහිදී නිවැරදි හා සමබර පුවත් වලින් ජනතාව පෝෂණය කල යුතු අයුරු ‘ලංකා පුවත්’ වෙබ් අඩවියෙහි පාලන අධිකාරිය සිය අවධානයට යොමුකර ඇත. අන්තර්ජාලයට කඩිනමින් පුවත් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස ද මෙම වෙබ් අඩවිය වැදගත්වී තිබේ. මෙහි වත්මන් සභාපතීත්වයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපති නන්ද මුරුත්තෙට්ටුවෙගම මහතා වන අතර එහි ප්‍රධාන විධායක නිළදාරිණිය ලෙස කටයුතු කරණුයේ දුල්මා කන්දරාමගේ මහත්මිය වේ. එමෙන්ම LNC News නාලිකාවේ නිෂ්පාදන කළමණාරීවරයා ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයේ නියතු  උපේන්ද්‍ර අල්විස් මහතාද කටයුතු කරනු ලබයි.

නව වෙබ්අඩවිය නිර්මාණය කරනු ලැබුවේ INSEL සමූහ ව්‍යාපාරයට අයත් INSEL Webs ආයතනය මඟිනි. 







Share on Google Plus