බොරු පොරොන්දු කප්පරකට රැවටුණු තාරුණ්‍යට විමල්ගෙන් ඇරයුමක්.


නොමිලේ වයිෆයි ලබා දීම, රැකියා දශලක්ෂයක් ලබා දීම හා යතුරු පැදියක මිලට වාහනයක් ලබා දීම ඇතුළු බොරු පොරොන්දු කප්පරක් ලබා දී අවමන් සහගත ලෙස තමන් රැවටූ වත්මන් ආණ්ඩුවට එරෙහි ජන සටන පාද යාත්‍රාවට එකතු වන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙරට තරුණ පරපුරෙන් ඉල්ලා සිටියි.

රටක තරුණ පරපුරක් රවටනු ලැබීම ඉතා අවමන් සහගත ක්‍රියාවක් බවත් එවැනි තත්වයකදී ලැබිය යුතු ප්‍රතික්‍රියාව ඉතා බලවත් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

18දා බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ‘ජන සටන පාද යාත්‍රා ජාතික මෙහෙයුම් කමිටුව’ කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

Share on Google Plus