ජැකලින් ගිවිසුමක් අත්සන් තබයි.


ශ්‍රී ලංකන් ගුවන් සේවය තම සන්නාම තානාපතිවරිය වශයෙන් බොලිවුඩ් නිලි ජැකලින් ෆර්ඩිනැන්ඩස් සමග ගිවිසුමකට එළඹ ඇතැයි වාර්තාවේ.

ඊට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අජිත් ඩයස් මහතා සහ ජැකලින් ෆර්ඩිනැන්ඩස් අතර  මුම්බායිහිදී පසුගියදා අත්සන් තබා ඇත.

 එහිදී අදහස් දැක්වු ජැකලින් ෆර්ඩිනැන්ඩස් ප්‍රකාශ කර ඇත්තේ තම මව් රටේ ශ්‍රී ලංකන් ගුවන් සේවය සමග කටයුතු කිරීමට ලැබීම සතුටක් බවයි.

 මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර ද ශ්‍රී ලංකා ගුවන් සේවයේ සන්නාම තානාපතිවරුන් ලෙස කටයුතු කරයි.

Share on Google Plus