පාදයාත‍්‍රාවට වෙනුවෙන් ජාතික බුද්ධි ඒකකයෙන් විශේෂ මෙහෙයුමක්?


ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධානය කරනු ලබන නුවර සිට කොළඹ දක්වා වූ පාද යාත‍්‍රාවට අදාළව ජාතික බුද්ධි සේවය දැවැන්ත ක‍්‍රියාන්විතයක් දියත් කර ඇති බව විශේෂ වාර්ථා කරැවකු මගින් වාර්ථාවේ. 

ආණ්ඩුවේ ඉහළම ප‍්‍රධානීන් කිහිප දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් මගින් මෙම ක‍්‍රියාන්විතයට අදාළ උපදෙස් හා නියමයන් පනවා ඇති අතර අදාළ කටයුතු සදහා ජාතික බුද්ධි ඒකකයේ ප‍්‍රධානීන් කිහිප දෙනෙකු යටතේ පළාත් හා දිස්ත‍්‍රික් මට්ටමෙන් පොලිස් හා ආරක්ෂක හමුදාවන් හි විශේෂ නිලධාරීන් කණ්ඩායමක් යොදවා තිබේ.

මෙම ක‍්‍රියාන්විතය යටතේ නුවර කොළඹ පාගමන ස`දහා එක්වන පිරිස කෙතරම් සංඛ්‍යාවක් වුවද ඒ සියලූ දෙනාගේම තොරතුරු වෙන් වෙන්ව එක්රැුස් කෙරෙනු ඇත. ඒ ස`දහා මූලික පියවරක් ලෙස පාගමනට සහභාගී වන සියලූ දෙනාම ඇතුළත් වන ආකාරයට වීඩියෝ ගත කරනු ඇති අතර පසුව එක් එක් පුද්ගලයාට අදාළව වෙන් වෙන්ව තොරතුරු රැුස්කර විශ්ලේෂණය කිරීමට කටයුතු යොදා තිබේ. අදාළ වීඩියෝ ගත කිරීම ස`දහා ජාතික බුද්ධි ඒකකයට අයත් නිල ඡුායාරූප හා වීඩියෝ ශිල්පීන්ට අමතරව පුද්ගලික අංශයේ රූපවාහිනි සහ මුද‍්‍රිත මාධ්‍ය ආයතන ගණනාවකම තෝරාගත් මාධ්‍ය කණ්ඩායමකගෙන් සහය ලබාගැනීමට දැනටමත් කටයුතු යොදා තිබේ. 

අදාළ වීඩියෝ සහ ඡුායාරූප උපයෝගි කරගනිමින් ලබාගන්නා තොරතුරු පදනම් කරගෙන එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික තොරතුරු වලට අමතරව ඔවුන්ගේ දරුවන් ඇතු`එ පවුලේ සමීපතමයන්ගේ දත්ත ඇතුළත් පරිගණක දත්ත ගොණුවක් සැකසීමට නියමිතය. එමෙන්ම අදාළ පුද්ගලයන්ගේ ව්‍යාපාරික හා ඉඩම් හිමිකම්, ආදායම් මාර්ග පිළිබ`දව ද තොරතුරු එක්රැුස් කරනු ඇති අතර විශේෂයෙන්ම තාවකාලික බලපත‍්‍ර යටතේ ඇති ඉඩම් ඇතු`එ ඔවුන් සතු ඉඩකඩම් පිළිබ`දව ද අනවසර පදිංචිකරුවන් හා රජය මගින් ප‍්‍රදානය කර ඇති ඉඩම් පිළිබ`දව ද තොරතුරු රැුස්කරන ලෙසට විශේෂ උපදෙසක් ද ලබාදී තිබේ. 

මේ ක‍්‍රියාවලිය මූලික වශයෙන් ජාතික බුද්ධි ඒකකය මගින් මෙහෙයවනු ඇති අතර ඒ ස`දහා සහය කරගැනීමට පළාත් සහ දිස්ත‍්‍රික් මට්ටමෙන් විශේෂ පොලිස් සහ ආරක්ෂක හමුදා සාමාජිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් දැනටමත් තෝරාගෙන ඇති බව වාර්තා වේ. 

-ගොසිප්99

Share on Google Plus