චම්පිකගේ වාහනයට යටවුණු සන්දීප් තවමත් රෝහලේ.


ඇමැති පාඨලී චම්පික රණවක ගමන් ගත් බව කියන වාහනයේ ගැටී අනතුරට පත්ව අසරණ වූ තරුණයාට ජීවත් වීමට අවශ්‍ය මුදල් ලබාදීමේ කටයුත්තක් සැලසුම් කර ඇති බව අභයාරාම විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

පසුගියදා රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයා තවමත් රාගම පුනරුත්ථාපන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් එම තරුණයාගේ මව මේ වන විට ආර්ථික අතින් අසරණ භාවයට පත්ව ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

තමන් වහන්සේ කාන්තා සංවිධානයක් සමඟ කතා කර අනතුරට පත් තරුණයාගේ මවට ජීවත් වීමට අවශ්‍ය මුදල් ප්‍රමාණයක් ලබාදීමට සැලැසුම් කර ඇති බවද ආනන්ද හිමියන් පැවැසුවේ ඊයේ (25දා) නාරහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.

උන්වහන්සේ වැඩිදුරටත් දක්වා සිටියේ වත්මන් ආණ්ඩුව ප්‍රතිවිරුද්ධවාදීන්ගෙන් පළිගන්නවා හැර මෙවැනි සිද්ධි පිළිබඳ පරීක්ෂණ යටපත් කරමින් සිටින බවය.

Share on Google Plus