ගෝඨාගේ වියත් මඟට බැසිල්ගෙන් බැරියර්.


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවාගෙන තිබෙන වෘත්තිකයන්ගේ එකමුතුවක් වන ‘වියත් මඟ’ නම් සංවිධානයේ කටයුතුවලට බැසිල් රාජපක්ෂ මහතාගේ දැඩි විරෝධය එල්ල වී ඇති බව රාජපක්ෂ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම එකමුතුවේ කැඳවුම්කරුවා ගෝඨාභය රාජපක්ෂ මහතා වන අතර මේ සඳහා විවිධ ක්ෂේත‍්‍රවල වෘත්තිකයන් හා විද්වතුන් 150 දෙනෙකු පමණ සම්බන්ධව සිටිති. වර්තමානයේ ශ‍්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින දේශපාලනික නොවන සමාජීය සහ ආර්ථිකමය කරුණු කාරණා ගැන සාකච්ඡා කිරීම විමර්ශන පරීක්ෂණ සහ සමීක්ෂණ වාර්තා සැකසීම මෙන්ම ඒ ගැන දිවයිනේ විවිධ ප‍්‍රදේශවල තවත් වෘත්තිකයන් සහ සමාජ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීම මේ වන විට සිදු වෙමින් පවතී.

පසුගිය දා ගාල්ලේ, ලයිට් හවුස් හෝටලයේ දී වෘත්තිකයන් පිරිසක් සමඟ ද කුලියාපිටියේ බැංකු නිලධාරීන් සමඟ ද මෙවැනි සාකච්ඡාවක් පවත්වා ඇත.

කෙසේ නමුත් මෙම වැඩසටහනට මහින්ද රාජපක්ෂගේ නොකැමැත්ත ප‍්‍රකාශ වී ඇති අතර මෙය නවතා දමන ලෙස ද බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලීම් කිහිපයක්ම සිදු කර ඇත. කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දෙන ප‍්‍රතිපත්තියක සිට කටයුතු කරමින් සිටින බව ද මීට පෙර වාර්තා විය.

Share on Google Plus