ගෝඨාගේ ගුවන් මනාපයට කෝටි දෙකක්.


ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම් වශයෙන් ක්‍රියා කළ සමයේ ‘රණවිරු රියැලිටි ස්ටාර්’ නම් රූපවාහිනී වැඩසටහන පවත්වා එයට ගුවන් හමුදාවෙන් ඉදිරිපත් කළ තරගකරුවන්ට මනාපය පළ කොට කෙටි පණිවුඩ යැවීම වෙනුවෙන් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් (රු. 20,905,290) ගුවන් හමුදාවෙන් වැය කර ඇති බව හෙළි වේ.

රාජ්‍ය ගිණුම් කාරක සභාවට ඉදිරිපත් කර තිබෙන ගුවන් හමුදාවේ විගණන වාර්තාවකින් මේ බව අනාවරණය වේ.

මෙසේ වැය කර තිබෙන මුදල් අදාළ වගකිව යුතු නිලධාරීන්ගෙන් අය කර ගැනීමට රජයේ විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබෙන බව ද අනාවරණය වේ.

මෙම මුදල් වියදම් කර ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේද අනුදැනුම ඇතිව බැවින් අදාළ ඉහළ නිලධාරීන් එවකදී විගණකාධිපතිවරයාගේ නිර්දේශ නොතකා දිගට ම කටයුතු කර තිබෙන බවත් මෙම මුදල යළි අය කර ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් අනාවරණය වේ. 

‘රණවිරු රියැලිටි ස්ටාර්’ වැඩසටහන සඳහා අදාළ ආයතනයේ සුභසාධන සංගමයක මුදල් හෝ පෞද්ගලිකව හෝ දැරිය යුතු බවත් මේ සඳහා මහජන මුදල් භාවිත කිරිමට කිසිදු ප‍්‍රතිපාදනයක් නැති බවත් විගණකාධිපතිවරයා අවධාරණය කර ඇත.

Share on Google Plus