සජිත්ගෙන්,අරලියගහ මැදුරට අලි පැටියෙක්.


ඉකුත් අඟහරුවාදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මැදුරේ එජාපයේ කැබිනට් අමාත්‍යවරුන්ගේ හමුවක් පැවැත්විණි.

එදින රාත්‍රී භෝජනයද ඇමතිවරුන්ට ලැබී තිබුණේ අරලියගහ මැදුරෙනි.

එම හමුව අවසන්වීමෙන් පසුව අගමැතිවරයා හා කැබිනට් ඇමතිවරු ආගිය තොරතුරු කතා කරමින් සිට තිබේ.

මේ අතර, ඇමති සජිත් අගමැතිවරයාට අපූරු යෝජනාවක් ගෙනැවිත් තිබේ.

අරලියගහ මැදුරට අලි පැටියෙක් ගෙනෙන්නැයි සජිත් යෝජනා කර ඇත.

සජිත් මේ යෝජනාව කර ඇත්තේ අපේ තාත්තා අරලියගහ මැදුරෙ ඉන්න කාලෙ අලි පැටියෙක් ගෙනාව යන කතාවද කියමිණි.

ඔහු කතාව වැඩිදුරටත් මෙසේ හෙළි කර ඇත.

“සර් අපේ තාත්ත අරලියගහ මැදුරට චූටි අලි පැටියෙක් ගෙනාව. තාත්ත මේ පඩි පෙළ දිගේ අලිපැටියව උඩට එක්කන් ගියා. හරි වැඩක් තමයි වුණේ. ඌව ආපහු බස්සගන්න බැරුව ගියා.” යනුවෙන් ඔහු කතාවේ අඩක් පවසා ඇත.

මේ කතාව ඇසූ අගමැති ඉතින් ඌව බස්සගත්තෙ කොමදැයි පෙරළා ප්‍රශ්නකර ඇත.

සජිත් පවසා ඇත්තේ අලි පැටියට පේන්න හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා තරප්පු පෙළ බැස්ස බවත්, පසුව ඒ මග යමින් අලි පැටියාද තරප්පු බැස ගිය බවද පවසා තිබේ.

Share on Google Plus