මාධ්‍යවේදී දයා නෙත්තසිංහට පහරදෙයි.


පරිසරවේදියකු සහ සතිඅන්ත පුවත්පතක කතෘ මණ්ඩල සාමාජිකයෙකු වන මාධ්‍යවේදී දයා නෙත්තසිංහ මහතාට පහර දී ඇතැයි වාර්තා වේ.

ඒ, අද ගාල්ල, නෙළුව, දෙල්වල, ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම ආරම්භ කර තිබෙන කුඩා ජල විදුලි බලාගාරය සම්බන්ධයෙන් දෙල්වල නාථාරාම විහාරස්ථානයේ පැවති මහජන හමුවට සහභාගීවී සිටියදීය.

මෙම හමුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සහ හිටපු අමාත්‍ය පියසේන ගමගේ ගේ මුලිකත්වයෙන් පවත්වා ඇති අතර හිටපු අමාත්‍යවරයාට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් මෙම පහර දීම සිදුකර ඇතැයි පැවසේ.

Share on Google Plus