ෆ්‍රෙඩීට පහරදුන් සැකකරුවන්ට ඇප.


මීපුර වෙබ් අඩවියේ කර්තෘ ෆ්‍රෙඩී ගමගේ මහතාට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් ඊයේ රුපියල් 10,000ක මුදල් ඇප සහ රුපියල් 50,000ක ශරීර ඇප මත මුදාහැර ඇත.

ඒ අදාළ නඩුව ඊයේ(12) මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඉදිරියේදී කැඳවන ලද අවස්ථාවේදියි.

මෙම නඩුවේ ප්‍රධාන සැකකකරුවන් වෙනුවෙන් ඇප ඇයදුම්කර ඇත්තේ ජනාධිපති නීතිඥයකු මාර්ගයෙනි.

මෙසේ ජනාධිපති නීතිඥයකුගේ සේවය ලබා ගැනීම සඳහා සේවා ගාස්තුව රුපියල් හැට දහසකට අධික වන අතර ඔවුන්ගේ ගමන් වියදම හා අහාර පාන සඳහා වන වියදම විත්තිකරුවන් විසින් දැරිය යුතුව ඇතැයි පැමිණිලිකාර පාර්ශවය පවසයි.

නමුත් මෙම ප්‍රධාක සැක කරුවන් දෙදෙන‍ෙ එක් අයකු රැකියා විරහිත පුද්ගලයකු වන අතර අනෙක් පුද්ගලයා නගර සභාවේ සුළු සේවකයකු ලෙස කටයුතු ක‍රන්නෙකි. මෙවැනි ආර්ථික පසුබිමක ජීවත්වන විත්තිකරුවන් ජනාධිපති නීතිඥවරයකුගේ සහය ලැාබනුයේ මෙම සිද්ධිය පිටුපස සිටින ප්‍රභල දේශපාලනඥායාගේ උපකරයෙන් බව පැමිණිලිකාර පාර්ශවය චෝදනා කර සිිටියි.

එසේම මෙම නඩුව මීට පෙර කැඳවු අවස්ථාවේ මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ යටතට පත්කිරීමට මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණද ඒ පිළිබඳ ආදළ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කර ඇත්තේ ඊයේ දිනයේදී බවද අධිකරණයේදී අද ප්‍රකාශ කර ඇත.

මෙහිදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ දන්ත නිරංජන හා නීතිඥ චාමර ජයසිංහ යන මහත්වරුන් පෙනී සිටියහ.

Share on Google Plus