දයා මල්ලීත්, රජයේ ඉඩමක් කොල්ල කන්න යයි.


ප්‍රාථමික කර්මාන්ත සංවර්ධන අමාත්‍ය දයා ගමගේ මහතාගේ සහෝදරයා වන සතිෂ් ගමගේ මහතා විසින් රාජ්‍ය දේපලයටතට අයත් ඉඩමක් පෞද්ගලිකව අයිතිකර ගැනීමේ සටනක නියැලී සිටින බව වාර්තා වේ.

අක්කර 15කින් සමන්විත මේ ඉඩම අම්පාර දිස්ත්‍රික්කයේ, අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කරංගාව ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ කරංගාව ගමේ පිහිටා ඇති බවද පැවසේ.

අදාළ ඉඩමෙහි නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිවාස 200ක් ඉදිකිරීමට මීට පෙර සැලැස්ම් කර තිබූ බවද වාර්තා වේ.

වසර 2006 දී මේ ඉඩම තුළ සතිෂ් ගමගේ මහතා විසින් අනවසර ඉදිකිරීමක් සිදුකිරීම නිසා එවකට අම්පාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කළ ආර්. එම්.එම්. බස්නායක මහතා විසින් ඊට විරෝධය දක්වා තිබේ.

ඒ අවස්ථාවේදී සතිෂ් විසින් මේ ඉඩම තමාට පවරාදෙන ලෙස ඉල්ලමින් නඩු අංක 2042/2007 යටතේ ධිකරණයේ නඩුවක් පවරා ඇති අතර එය ද ප්‍රතික්ෂේප වී ඇත.

මූලාශ්‍රය - ලංකා

Share on Google Plus