අගමැතිගේ කතාව නිසා 'Daily FT' කර්තෘ රට හැරයයි.


Daily FT' පුවත්පතේ ප්‍රධාන කර්තෘ නිස්තාර් කාසිම් මහතා ජීවිතාරක්ෂාව පතා ඊයේ  (25) දහවල් විදෙස්ගත වී ඇති බව විජය පුවත්පත් සමාගම් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

පසුගිය සෙනසුරාදා (23) මහනුවරදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 'Daily FT' පුවත්පතේ කර්තෘවරයාගේ නම සඳහන් කරමින් රටේ ආර්ථිකය විනාශ කිරීමට 'Daily FT' පුවත්පතට ඉඩදිය නොහැකි බව පැවසීමෙන් අනතුරුව කැළඹීමට පත්ව ඇති නිස්තාර් කාසිම් මහතා ඉන්පසු රෝගාතුර වී තිබේ.

විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා විසින් නිස්තාර් කාසිම් මහතාව ටිකදිනක් විවේකයෙන් ගතකිරීම සඳහා අද දහවල් සිංගප්පූරුව වෙත යවා ඇත.

එමෙන්ම 'Daily Mirror' පුවත්පතේ කර්තෘ කේසර අබේවර්ධන මහතාවද මෙසේ ටිකදිනකට විදේශයකට යැවීමට විජය පුවත්පත් සමාගමේ සභාපතිවරයා බලාපොරොත්තු වන බව ඉහත කී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

අද දින රංජිත් විජයවර්ධන මහතා හමුවී ඇති සමාගම මගින් පළකරන පුවත්පත්වල සියලුම කර්තෘවරුන් ඔහුට පවසා ඇත්තේ රජයට වැරදි තොරතුරු ලබාදෙන්නේ එම පුවත්පත් සමාගමේ ම සේවය කරන දිනිත් චින්තක කරුණාරත්න හා අශෝක ජයතුංග යන දෙදෙනා බවයි. මොවුන් දෙදෙනා සමග තවදුරටත් එකම ආයතනයක සේවය කිරීම පුවත්පත් කර්තෘවරුන් සියලුදෙනා ප්‍රතික්ෂේප කර තිබේ. 

ඒ අනුව දැනට කොන්ත්‍රාත් පදනම මත සේවය කරන දිනිත් චින්තක කරුණාරත්නගේ හා අශෝක ජයතුංගගේ සේවය අවසන් කිරීමට සභාපතිවරයා පාලනාධිකාරියට උපදෙස් දී ඇත.

Share on Google Plus