නීතියෙන් ගැලවෙන්න බැසිල් මිලියන ගණනින් වියදම් කරමින් ඉන්නවා.


රාජපක්ෂලාට එල්ලවී ඇති චෝදනාවලින් නිදහස්වීම සඳහා ඔවුන් සතු ධනය මිලියන ගණනින් වියදම් කරමින් සිටින බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා සඳහන් කරයි. ඒ මහතා පුවත්පතකට සම්පිණ්ඩනය කළ ලිපියක් මේ දිනවල අන්තරජායේ හුවමාරුවන අතර එහි අදාළ තොරතුර සඳහන් වේ.

ඉන් උපුටාගත් කොටස පහතින් පළ වේ...

"ආරංචි හැටියට බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට නොගෙන ඉන්නට උසාවියෙන් ඇප ගන්නට ඔහු වියදම් කළ මුදල රුපියල් ලක්ෂ 60කි. මේ අවස්ථාවේ ඔහුට වෛද්‍ය වාර්තාව ලබා ගැනීමට වියදම් කළ මුදල ලක්ෂ 50කි. මේ තරම් ධනයක් වියදම් කරන්නට මරු විකලෙනි. මෙසේ කරන්නේ සියලු දෙනාම විශ්මයට පත්වි සිටින නිසාවෙනි. භිතියට පත්වි සිටින නිසාය.

මෙබඳු වාතාවරණයක් තුළ මහා අවිනීත බලඅරගලයක් තිබේ. ඒ නිසා මේ ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳවත් අපිට එක්තරා ආකාරයක වගකීමක් ඇත.

මේ ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා කරන කියන කටයුතු 100%ක් අපිට අනුමත කරන්නට බැරිවුනාට ඔවුන්ට විරුද්ධව පාරට බැහැලා මහා ජනබලයක් සමග බල අරගලයක නිමග්න වෙලා සිටින රාජපක්ෂ වරුන්ට නැවත දොර විවර කරන්නට අපිට හැකියාවනක් නැත.

තුළනාත්මකව අපි මේ සියල්ල කල්පනා කරන්නට අවශ්‍ය ය. මේ රටේ සැබැ සියලු පුරවැසියෝ යම් දැනුවත්කමක් ඇති මිනිසුන් ය. මනුෂ්‍යයින් හැටියට මේ රටේ අනාගතය ගැන ක්ලපනා කළයුතු ය. 

මේ රටේ ශිලාචාර පාලනයක් ගැන අපි කල්පනා කරන්නට අවශ්‍ය ය."

Share on Google Plus