බලපොරොත්තු ඉටුවේ - බැසිල් රෝහලට.


අගෝස්තු මස 01 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා වෛද ප්‍රතිකාර ලබාගැනීමට  කොළඹ ජාතික රෝහලට ඇතුළත්කළ බව පොලීසිය පැවසීය. 

බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ නිර්දේශයකට අනුව ඒ මහතාට සිදු කිරීමට නියමිත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මෙලෙස රෝහල් ගතකළ බවත් බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ෂාව යටතේ  ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රතිකාර ලබන බවත් ජාතික රෝහලේ  ආරංචිමාර්ග සඳහන් කළේය.

කෙසේ නමුත් සමාජ ජාල වෙබ්අඩවි විසින් බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමත් සමඟම ඔහු රෝහල් ගතවන බවට අනාවැකි පලකල තිබුහ.


Share on Google Plus