විමල්, ගෝඨා අතහැර බැසිල්ට 'සෙට්' වේ.


දැඩි 'ගෝඨාවාදියකුව' සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා මේවනවිට බැසිල් අනුගාමිකයකු වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඊට හේතුවී ඇත්තේ, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල යන දේශපාලන පක්ෂ නායකයින් හා නාලක ගොඩහේවා ඇතුළු සිවිල් ක්‍රියාකාරිකයින් පිරිසක් නව දේශපාලන බලවේගයක් වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය මෙහෙයවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා තෝරා ගනිද්දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එයට විරුද්ධවී තිබීමයි.

මේවනවිට විපක්ෂයේ නව දේශපාලන බලවේගයේ සංවිධානාත්මක කටයුතු මහින්ද රාජපක්ෂ මහතා විසින් බැසිල් රාජපක්ෂ මහතාට පවරා ඇත.

ඒ අනුව, පසුගියදා බැසිල් රාජපක්ෂ මහතා විසින් බදුල්ලේ දී සංවිධානය කර තිබු රැලියේ ප්‍රධාන කතිකයා ලෙස සහභාගී වුයේ, විමල් විරවංශ මහතාය.

බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙහෙයවන නව දේශපාලන බලවේගයේ සංවිධාන කටයුතුවලින් ගෝඨාභය රාජපක්ෂ මහතා කොන්කිරීම ඔහුගේ අනුගාමිකයින්ගේ බලවත් කනස්සල්ලට හේතුවී ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.


Share on Google Plus