රනිල්, අර්ජුන්. සමඟ සිංගප්පූරුවට.


සිංගප්පූරුව සමඟ වන වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සමඟ මෙම මස 18 හා 19 දෙදින තුළ සිංගප්පූරුවේ සංචාරයක යෙදීමට නියමිතය.

මෙම සංචාරය සඳහා අර්ජුන් මහේන්ද්‍රන් මහතා සහභාගි වන්නේ අගමැතිවරයා විසින් හඳුන්වා දුන් නව තනතුරක් වන ‘ජාත්‍යන්තර ආයෝජන සම්බන්ධ අධ්‍යක්ෂ ජනරාල්වරයා’ ලෙසය.

කෙසේ නමුත් මහේන්ද්‍රන් මහතාට මෙම තනතුර ලැබෙන්නෙ ඉදිරි සතියේ දී පාර්ලිමේන්තු කෝප් කමිටුව විසින් බැඳුම්කර සම්බන්ධ චෝදනාවෙන් ඔහුව නිදොස් කළහොත් බව පැවසේ. අගමැතිවරයාගේ අදහස වී ඇත්තේ කෝප් කමිටුව විසින් මහේන්ද්‍රන් මහතාව නිදොස් කරනු ඇති බවයි. කෙසේ නමුත් මේ වන විටත් මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් කෝප් කමිටුව දෙකඩ වී ඇති බවත් එහි බහුතරය මහේන්ද්‍රන් මහතා නිදොස් කරනු ඇති බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

Share on Google Plus