යටගිය අර්ජුන මහේන්ද්‍රන් යළිත් මතුවෙයි.


රට සංවර්ධනය කිරීම උදෙසා ආණ්ඩුව සකස් කර ඇති පස් අවුරුදු සැලැසුමේ ප්‍රධානියා ලෙස මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පත් කෙරේ. මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී වංචාවක් සිදුව ඇතැයි එල්ල වූ චෝදනාව හේතුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධුර කාලය දීර්ඝ කෙරුණේ නැත. තමන්ට එල්ල වී ඇති චෝදනාවෙන් නිවැරැදිකරු වන තුරු මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට අදහස් නොකරන බව ඔහු පවසා තිබිණි.

රැකියා දස ලක්ෂයක් ලබාදීම ඇතුළු යෝජනා රැසක් ඇතුළත් මේ පස් අවුරුදු සැලැසුම අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සකස් කෙරුණකි. මේ සැලැසුම සාර්ථක කර ගැනීමට රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ විශේෂඥයන්ගේ සහාය ලබාගැනීමටද සැලැසුම් කර ඇත.

ආර්ථික විශේෂඥයකු ලෙස අන්තර්ජාතික නමක් දිනා ගෙන සිටින අර්ජුන් මහේන්ද්‍ර මහතා ප්‍රධානත්වය ගන්නා පස් අවුරුදු සැලැස්මට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධානීන් කිහිප දෙනකු සහාය ලබා දීමට ඉදිරිපත් වී තිබේ. ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යෝජිත ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA), ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කිරීමට යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම, චීනය සමඟ අත්සන් කිරීමට යෝජිත ආර්ථික ගිවිසුම ආදී ඉදිරි වසර හතර තුළ මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රගතියට අදාළ ජාත්‍යන්තර එකඟතාවලට එළැඹීම ද අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතු පස් අවුරුදු සැලසුම් ව්‍යාපෘතිය මඟින් කිරීමට නියමිතය.

දැනට අගමැති වික්‍රමසිංහ මහතා සමඟ සිංගප්පුරුවේ නිල සංචාරයට එක් වී සිටින මහේන්ද්‍රන් මහතා අද දිවයිනට පැමිණීමෙන් පසුව හෙට (21)අරලිය ගහ මන්දිරයේදි පස් අවුරුදු සැලැස්ම සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමඟ විශේෂ සාකාච්ජාවක් පැවැත්විමට ද නියමිතය.

Share on Google Plus