මහින්ද පිල, දෙමල සන්දානය, ජවිපෙ සමඟ එක්ව විධායකය අහෝසි කරන්න එජාපය සැරසේ.


පසුගිය ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ ලෙස විධායක ජනාදිපති ධුරය අහෝසි කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ශ‍්‍රිලනිපයේ සහයෝගය ලබා දීමට කටයුතු නොකරන්නේ නම් ඒකාබද්ද විපක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් වන බවට එහි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවේ පිරිස විසින් මේ වන විටත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිමට අකමැත්ත පල කර ඇති අතර ඒකාබද්ද විපක්‍ෂය පවසන්නේ විධායකය අහෝසි කිරීම සමඟ නව මැතිවණ ක‍්‍රමය එක්ව ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයකට පක්‍ෂ වන බවයි.

මේ හේතුව නිසා නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට පෙරාතුව අදාල ව්‍යවස්තා සංශෝධන ගෙන ඒමට එම පක්‍ෂයේ අවධානය යොමුව ඇත.

පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව එජාපය ආසන 106ක්, ඒකාබද්ද විපක්‍ෂය ආසන 51ක්, දෙමළ සන්ධානය 16ක් හා ජවිපෙ 06ක් වෙයි. ඒ අනුව අදාල සංශෝධන සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ එකඟතාව නොලැබුනද 2/3 බලයකින් සමම්ත කිරීමට වැඩි ඉඩක් ඇත.

Share on Google Plus