මහින්ද නැවතත් ජවිපෙ කර මතින් නැගී ගොඩ යාමට මාන බලයි!


2015 ජනාධිපතිවරණයේදී ඡන්ද හාරලක්ෂ පනස්දහසකට අධික සංඛ්‍යාවකින් පරාජයට පත් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් 2015 අගෝස්තු පැවති පාර්ලිමේන්තු මහා මැතිවරණයට තරග කරමින් 'මහින්ද සමග නැගිටිමු!' ජනතා රැල්ලක් ඇති කරමින් නැවත අග්‍රාමාත්‍ය ධුරය හෝ ලබා ගැනීමට උත්සාහ ගත්තද එවර ඡන්ද ලක්ෂ 11කින් පමණ දැවැන්ත පරාජයකට මුහුණ පෑමට ඔහුට සිදු විය.එම දැවැන්ත පරාජයෙන් ඔහු තරමක් හෝ ගැලවුණේ ඒ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ සභාපතිත්වය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සතු වීම නිසාය.

නැවත වරක් යුද්ධ අපරාධ චෝදනා පිළිබදව රට තුළ වැරදි ආකල්ප ඇති කරමින් ජනතා ආකර්ෂණයක් දිනා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා උත්සාහ කළේය.එයත් අසාර්ථක වූ විට මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට චෝදනා නගමින් උද්ඝෝෂණ ලෙස වීදි නාට්‍ය සංදර්ශන පවත්වා ජනතා ආකර්ෂණය දිනා ගැනීමේ උත්සාහය අසාර්ථක වූ කළ මීළග උපාය ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංගයේදී ඒකාබද්ධ විපක්ෂය සමග ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ 'ජනතා විමුක්ති පෙරමුණ' මහින්ද රාජපක්ෂ නැවත වරක් බලයට පත් වීමට දරන උපක්‍රමශීලී උත්සාහයේදී ගොදුරක් කර ගැනීමට මාන බලමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් පවසන ලද 'වර්තමාන යහපාලන ජාතික ආණ්ඩුවට එරෙහිව ජාතික ව්‍යාපාරයක් ගොඩ නැගීමට සූදානම් බවයි.' ඒ සදහා කිසිදු දේශපාලනයක් අදාළ නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණ වැනි ප්‍රධාන ප්‍රවාහයේ බලවේග වලටත් ඒ සදහා තමන් ආරාධනා කරන බවට පවසමින් බළලා මල්ලෙන් එළියට පැනේය.


2005 ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සහාය නොදැක්වුවේනම් අද මහින්ද රාජපක්ෂ නමින් රාජ්‍ය නායකයෙකු බිහි නොවේ.නමුත්,මහින්ද රාජපක්ෂ මහතා 2005 ජනාධිපති බවට පත්ව අනතුරුව 2008 කාළ වකවානුවේ සිටම ජනතා විමුක්ති පෙරමුණට දේශපාලනය නිදහසේ සිදු කිරීමට ඉඩ නොදී බාධා පැමිණවීය.හම්බන්තොට මැතිවරණ දිස්ත්‍රික්කය යනු 'ජනතා විමුක්ති පෙරමුණේ හදවතයි.' නමුත්, තම පුත්‍ර නාමල් රාජපක්ෂ මහතාට දේශපාලනය තුළ ඉදිරි ගමනක් සකස් කිරීමට අවශ්‍ය වූ මහින්ද රාජපක්ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන රැස්වීමක් තබා ප්‍රජා සත්කාරක සේවාවක් වත් සිදු කිරීමට 2008 වසරේ සිට හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ඉඩක් ලබා නොදීමට දැඩි පියවර ගෙනතිබුණ බව වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයට මතක ඇතැයි අපි සිතමු!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලයට පත් වීමටනම් අනිවාර්යෙන්ම තවත් එක් ප්‍රධාන 3 වන ධාරාවේ දේශපාලන පක්ෂයක් සමග මුක්කු ගැසිය යුතුමය.ඉතිහාසයේ සිටම සිදු වූ න්‍යාය එයයි.'යහපාලන විරෝධී ජාතික ව්‍යාපාර' ලේබලයට මුවා වෙමින් මේ සිදු කරන්නට යන්නේ මහින්ද රාජපක්ෂ මහතා බල තණ්හාවෙන් නැවත වරක් බලයට පත් වීමට දරන්නා වූ උත්සාහයයි.

මෙවර ජනතා විමුක්ති පෙරමුණට දිනෙන් දින එකතු වන තරුණ ආකර්ශනය සහ ජාතික මතවාදී කදවුරේ ආකර්ශනය සූක්ෂමව කොල්ලකා හෝ බලයට පත්ව නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය කඩමින් පරණ සෙල්ලම් දැමීමේ හීනය මහින්ද රාජපක්ෂ මහතාට ලෙහෙසි පහසු එකක් නොවන බව අපට දැනට අනුමාන කළ පැවසිය හැකිය.

වර්තමාන යහපාලන ආණ්ඩුවේ බොහෝ වැරදි ඇත.ජනමාධ්‍යක් ලෙස ඒවා වරින් වර පෙන්වා දීමට අපිත් පසුබට නොවෙමු!නමුත් හිසේ ඇම්මට කොට්ටය මාරු කර ඉගුරු දීලා මිරිස් ගැනීම තියරිය දැමීමට කිසි විටකවත් ජනතාව යළිත් අනුවණ ලෙස ක්‍රියා කරයි යැයි අපිට නොසිතේ.

දැන් ඒකාබද්ධ විපක්ෂය මහින්ද රාජපක්ෂ යන යළිත් කවරදාකවත් මැතිවරණ වලට නායකත්වය දී ජයග්‍රහන ගෙනා දිය නොහැකි පරාජිත නායකත්වය වටාම ගොණු වීම නවතා නව නායකයෙකු සහ නව දැක්මක් වටා ගොණු විය යුතු කාලය එළඹ ඇත.

සටහන - ඉෂාර ලක්මිණ

Share on Google Plus