ඇමතිලා 2කට දුන් තිරිගු ආනයන ලයිසන් නිසා කචල්.


අනුරාධපුරය නියෝජනය කරනු ලබන අමාත්‍යවරු දෙදෙනකුට තිරිගු ආනයනය කිරීමට බලපත්‍ර දෙකක් ලබාදීම නිසා කේෂත්‍ර කිහිපයක අර්බුද ඇතිවී ඇතැයි වාර්තා වේ.

මොවුන් දෙදෙනා ප්‍රධාන පක්ෂ දෙක නියෝජනය කරන අමාත්‍යවරුන් බවද පැවසේ.

මෙහි එක් අමාත්‍යවරයකුට අදාල තිරිගු ආනයන බලපත්‍රය ලබාදී ඇත්තේ සත්ව ආහාර නිෂ්පාදකයින්ට තිරුගු අලෙවි කිරීමේ කොන්දේසිය මත වුවද අනෙක් අමාත්‍යවරයාට අදාල බලපත්‍රය ලබාදී ඇත්තේ ගොවීන්ට තිරිගු අලෙවි කිරීම සඳහාය.

ගොවියන්ට තිරිගු ආනයනය කිරීමක් මෙතෙක් සිදුව නොමැති අතර අදාළ තිරිගු ආනයන බලපත්‍රය බියර් සෑදීම සඳහා තිරිගු ලබා ගැනීමට දුන් එකක්ද යන්න පිළිබඳව සැක මතුව ඇතැයි එම කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ බලපතුය සම්බන්ධයෙන් මුදල් යෙදවීමට අතුල නම් අනුරාධපුරයේ ප්‍රකට ව්‍යාපාරිකයකු ඉදිරිපත්ව සිටින බවද මේ අතර වාර්තා වී තිබේ.

ජනපතිවරයා විසින් මත් උවදුර තුරන් කිරීමට කටයුතු කරමින් සිටියදී බියර් නිෂ්පාදනයට අනුබලදීමට මෙවැනි බලපත්‍රයක් ගැනීම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ කනස්සල්ලට හේතුවී ඇති බවද පැවසේ.

Share on Google Plus