මව්බිම හිමිකරු ටිරාන් අලස් සිංගප්පුරුවේදී අත්අඩංගුවට.



රාඩා ආයතනය හරහා කොටි සංවිධානයට මුදල් ලබාදීම සහ රාඩා ආයතනය සතු වත්කම්  අපහරණය කිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය සම්බන්ධ චෝදනාවකට ලක්ව සිටින මව්බිම පුවත්පතේ හිමිකරුවන ටිරාන් අලස් මහතාව පසුගිය 20වනදා සිංගප්පුරු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.

ඉහත චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ටාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිද්දී තමන්ට ප්‍රතිකාර ගැනීමට අවශ්‍යයැයි පවසමින් අවස්ථා කිහිපයකදී අවසර ඉල්ලා තිබේ.අවසන්වරට පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශයට කැදවූ අවස්ථාවේදී එම පරීක්ෂණයේ වාර්තාව සටහන් කරන අතරතුර තමාට බඩේ කැක්කුමක් ඇතිවි තිබෙන බව බඩ අල්ලා කෑගසමින් කියා තිබේ.ඒ සදහා ප්‍රතිකාර ලබාගැනීමට විදෙස්ගතවීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.ඒ අනුව අධිකරණ අවසර ඔහුට හිමිවිය.

ඒ අනුව පසුගිය 20 වනදා UL308 ගුවන්යානයෙන්  සිංගප්පුරුව බලා ගිය ටිරාන් අලස් මහතාව ගුවන් තොටුපොලේදීම අත්අඩංගුවටගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමකට ලක්කර ඇත.

එයට හේතුව වන්නේ ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබූ පුද්ගලයන් සිංගප්පුරුවට ඇතුල්වීමට එරට රජය ඉඩ නොදීමයි.
ප්‍රශ්න කිරීමෙන් අනතුරුව 21වන දා UL307 ගුවන්යානයකින් පිටුවහල් කර ඇත.

මොහුට විරුද්ධව ජාත්‍යන්තර නීති ක්‍රියාත්මක වනවිට අපේ රටේ නිතිය ක්‍රියා නොකරන හේතුව කුමක්ද කියා ජනතාව තුල පැහැදිලි සැකයක් ඇත.ජනතා මුදල් ත්‍රස්ත කණ්ඩායමකට ලබාදීම සම්බන්ද චෝදනා ලැබූ පුද්ගලයාට රැකවරණය සලසන අය පිලිබදවත් පරීක්ෂණ පැවැත්විය යුතුයි.

Share on Google Plus